English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ අලුත් රටක්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ” සමාජගත කිරීමේ තවත් එක් අවස්ථාවක් අනුරාධපුරදී

අළුත් ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාවය කුමක්ද? පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ගැටළු මොනවාද? යන කාරණා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙල අලුත් රටක්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ප‍්‍රාදේශීය සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත‍්‍රණයක් පසුගිය සැප්තැම්බර් 18 වනදා අනුරාධපුර, ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ශ‍්‍රවණාගාරයේ දී පැවැත් විය.

අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ජනතාව නොමඟ යැවීම සඳහා යම් යම් දේශපාලඥයින් විසින් සමාජගත කර ඇති කාරණා පිළිබඳව ජනතාව විධිමත්ව දැනුවත් කිරීම සඳහා “අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” විසින් මෙම සම්මන්ත්‍රණ මාලාව දිවයින පුරා විවිධ ප්‍රදේශවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

           

පසුගිය 18 වැනිදා අනුරාධපුර, ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ශ‍්‍රවණාගාරයේ දී පවැත් වූ මෙම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ, රාවය කතෘ කේ. ඩබ් ජනරංජන, ප‍්‍රවීන රංගන ශිල්පී ලූෂන් බුලත්සිංහල, ප‍්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර හා පිලිප් දිසානායක යන අය අදහස් දැක්වූ අතර, ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාධරයින් හා විද්වතුන් විශාල පිරිසක් ඒ සඳහා සහභාගී විය.

වීඩියෝව පහතින්...






2017-09-22
Advertisement

Find us on Facebook