English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිට යළිත් ජනවරමක් පැතිමේ අවකාශයක් නැහැ !

ශ්‍රී ලංකාවේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට කිසිදු නීත්‍යානුකූල හැකියාවක් නොමැති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පවසයි. දෙවරකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරය දැරීම වළක්වාලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබූ විධිවිධාන 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ දෙවැනි වරටත් තේරී පත්වී සිටි බැවින් තුන්වැනි වරට තරඟ කිරීමේ අවස්ථාව ඔහුට අහිමිවන බව හිටපු අගවිනිසුරුවරයා ජනමාධ්‍යට ප‍්‍රකාශකර ඇත.

පහත දැක්වෙන්නේ සරත් එන් සිල්වා ප‍්‍රකාශ කළ සම්පුර්ණ අදහසයි.

විශේෂයෙන් මෙහි සඳහන්වෙලා තිබෙන්නේ, 31ව්‍යවස්ථාවේ 2 අනුව්‍යවස්ථාව අනුව මෙහි සඳහන් වෙන්නේ ;
ජනතාව විසින් දෙවරක් ජනාධිපතිධූරයට තෝරාපත්කර ගනු ලැබු කිසිම තැනැත්තෙක් ඉන්පසු එම ධුරයට ජනතාව විසින් තෝරාපත්කරගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය.



එතකොට මෙතන නුසුදුසු කමක් තිබෙන්නේ. ඒ නුසුදුසු කම පැවරෙන්නෙ, ඒ තැනැත්තා තෝරාපත්කර ගත් දවසේ. දැන් අපි ගත්තොත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා, දෙවෙනි වතාවටත් තෝරාපත්කර ගනු ලැබුවේ 2010 වසරේ ජනවාරි මසේ 27 වෙනිදා. එතකොට, මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 2010 ජනවාරි මාසේ 27 වෙනිදා නැවත වාරයක් ජනාධිපති වරණයකට ඉදිරිපත් වන්නට නුසුදුස්සෙක් බවට පත්වුණා. අන්න එ්ක නීතිමය ව්‍යවස්ථාවෙන් පැවරෙන නුසුදුසුකමක්.

දැන් ජනාධිපතිධුරය අහෝසි කිරීමට පොරොන්දු වූ මහින්ද රජාපක්‍ෂ මැතිතුමා කෙරුවේ,    2010 සැප්තැම්බර් මාසේ මේ 18 වන ව්‍යවස්ථාව මගින් 31-2 අනු ව්‍යවස්ථාව ඉවත් කෙරුවා. දැන් මතුවෙලා තිබෙන්නෙ, එතුමා කල්පනා කරන්නේ ”මේ ඉවත් කිරීමෙන් මට තුන්වෙනි වතාවටත් ඉදිරිපත්වීමට අවකාශයක් තියෙනවා” කියලයි.

අපේ මතය නම්, ඒ නුසුදුසුකම මේ ඉවත් කිරිමෙන් ඉවත් වෙලා නැහැ. අපේ නීතියේ මූලික සිද්ධාන්තය තමා ඉවත් කිරීමකින් එනම් නීතියෙන් යම්කිසි කරුණක් ඉවත් කරනවා නම්, ඒක ක‍්‍රියාත්මක වන්නේ අනාගතයට. අතීතයට ක‍්‍රියාත්මක වන්නේ නැහැ, විශේෂ විධි විධානයක් නැතිව. එතකොට මෙතුමාට ඒ 31-2 වගන්ති යටතේ 2010 ජනවාරි මාසේ 27 වෙනිදා පැවරුණු නුසුදුසුකම තාම පවතිනවා. ඒ පවතින තාක්කල්, ජනවරමක් පැතිමේ අවකාශයක් නැහැ. එතකොට, එතුමාට බලය තිබෙන්නේ 6 අවුරුද්දක් ධූරය දැරීමටයි. ගණනය කිරීමට අනුව, හය අවුරුද්දක් ධූරය දරණකොට එය ඉවර වේන්නෙ 2016 නොවැම්බර් මාසේ 19 වෙනිදා. එදිනට මාස 03කට පෙර තමා ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවකාශ තිබෙන්නේ.



දැන් මෙතන තිබෙන්නේ, 18 වෙනි ව්‍යවස්ථාවෙන් කියලා නැහැ, කිසිම තැනක කියලා නැහැ තුන්වෙනි වතාවට ඉදිරිපත් විමට හැකියාවක් තියෙනවා කියලා. අන්න ඒකයි වැරදුණ තැන එයාලට. තුන්වෙනි වතාවට හතරවෙනි වතාවට ඉදිරිපත්වීමට හැකියාව තියෙනවා කියලා විධි විධානයක් දැම්මෙ නැහැ. ඒක දාන්න අමතක වුණා. නැත්නම්, ඒක දැම්මෙ නැහැ, මේක වසන් කිරීමක් හැටියට. දැන් බැලූ විට පෙනෙන්නේ නුසුදුසුකම ඉවත් කෙරුවා කියලයි. හැබැයි තුන්වෙනි වතාවට ඉදිරිපත්වීමට සුදුස්සෙක් වන්නේය කියලා දාලා තිබුණා නම් මා ඉදිරිපත්කරන තර්කය ඉදිරිපත් කරන්නට බැහැ. පරණ නුසුදුසුකම තිබෙනවා. ඒ නුසුදුසුකම තියාගෙන එතුමා මැතිවරණ කොමසාරිස්ට නියෝගයක් කළොත් හය අවුරුද්ද ගත වෙන්නට පෙර මැතිවරණයක් පවත්වන්න කියලා (ජනාධිපතිට පමණයි එවැනි නියෝගයක් කරන්නට පුළුවන්) එතකොට අපි උසාවියට යන්නේ ජනාධිපතිට විරුද්ධව නොවෙයි, අපි යන්නේ මැතිවරණ කොමසාරිස්ට විරුද්ධවයි.    2016 වෙනකම් ඔබතුමාට මේ මැතිවරණය පවත්වන්න බැහැ කියලා. එතකොට ශ්‍රේෂ්ඨාධීකරණයෙන් අපිට නියෝගය ලබාගන්නට සම්පුර්ණ හැකියාව තිබෙනවා මොකද, මේක පැහැදිළි නීතිමය භාධකයක්.

මුලාශ‍්‍රය - බීබීසි සංදේශය
ඡායාරූප  -  බීබීසි විඩියෝ පටයෙන් සකස්කරන ලදි
-MMP




2014-08-26
Advertisement

Find us on Facebook