English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුධ සමයේ වූ සිද්ධීන්ට අදාළව නඩු දැමීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

යුධ සමයේ වූ සිද්ධීන්ට අදාළව නඩු දැමීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවට අගමැතිගෙන් ප්‍රකාශයක්

අතුරුදන්වූවන් පිළිබද සොයා බැලීමේ ගිවිසුම අනාගතයට බලපාන ආකාරයට සකසා ඇති බවත්, එය කිසිවිටෙකත් අතීතයට බලපාන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. තවද, යුද සමයේ සිදු වූ කිසිදු සිද්ධියක් සම්බන්දයෙන් ජත්‍යන්තර යේ  නඩු පැවරීමට රජය කිසි විටක ඉඩ නොදෙන බවද අග්‍රමාත්‍ය වරයා පවසයි.

අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාල පනත ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවද ඔහු ප්‍රකාශ කරන අතර, ජාතික රජයේ අරමුණ වන්නේ සෞඛ්‍ය ,අධ්‍යාපන ,අයිතීන් මෙන්ම සැමට සමාන නීති අයිතිවාසිකම් ලැබෙන රටක් බිහිකිම බවද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පොල්පිතිගම ජාතික පාසලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාවේදීය.




2017-09-16
Advertisement

Find us on Facebook