English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාවේ තත්වය යුරෝපා සංගමයේ පැසසුමට

ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර ප්‍රඥප්තීන් 27ට අනුකූලව කටයුතු කරන්නේ ද යන්න සෙවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් නියෝජිත පිරිස දින 10ක් මෙරට රැඳි සිටි අතර, ශ්‍රී ලංකා රජය මානව හිමිකම්, පරිසර සහ කම්කරු ප්‍රමිති සහ තත්ත්වලින් ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.


එම ජාත්‍යන්තර ප්‍රඥප්තීන්වලට අනුකූලව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට යුරෝපා සංගම් වෙළෙඳපොළට ප්‍රවේශවීම සඳහා සලකා බැලෙන කොන්දේසි වල ශ්‍රී ලංකාව පෙන්වන ලද ප්‍රගතිය හේතුවෙන් පසුගිය වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනට යුරෝපා සංගමයේ ඉඩ ලැබුණු අතර, මේ වසරේ මැයි මාසයේදී ජී එස් පී ප්ලස් තීරු බදු සහනය නැවත ශ්‍රී ලංකාවට හිමිවිය. යුරෝපා සංගම් වෙළෙඳපොළ ලොව විශාලතම වෙළෙඳපොළවල් අතරින් එකක් වන අතර, ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ද වේ.

 




2017-09-15
Advertisement

Find us on Facebook