English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මියන්මාරයේ සිදුවන්නේ ජන සංහාරයක් බව ජගත් සංවිධානයෙන් චෝදනා !
මින්මාර හමුදා රඛීනේ ප්‍රාන්තයේ සිදුකරන හමුදා මෙහෙයුම් රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාරයක් බවට ජගත් සංවිධානය චෝදනා කරයි. ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ ගම්මාන ගිනි තැබීමේ සිද්ධීන් මෙන්ම පලායන සරණාගතයන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු තමන් වෙත ලැබී ඇති බවයි.

මේ වන විට රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් ලක්ෂ තුනකට අධික පිරිසක් බංගලාදේශයට පලාගොස් තිබේ. අගෝස්තු 25 වෙනිදා රෝහින්ග්‍යා සන්නද්ධ පිරිස් පොලිස් මුරපොලවලට පහරදී ආරක්ෂක අංශ සාමාජිකයින් 12 දෙනෙකු ඝාතනය කිරීමත් සමග ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ අතර, එතැන් සිට මියන්මාරයෙන් පළා ගිය රෝහින්ග්‍ය ජනයා පැවසන්නේ ගම්මාන ගිනිබත් කරමින්, පහර දෙමින් හා සිවිල් ජනයා මරාදමමින් හමුදාව කෘර ලෙස ප්‍රතිචාර දැක්වූ බවය.




2017-09-12
Advertisement

Find us on Facebook