English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දේශපේ්රමය වෙනුවෙන් ජනතාව පිට පැටවෙන බරපැන


ලංකාවේ දේශපේරමය නැමැති සංකල්පයේ ඇති ලොකුම වැරැුද්ද වන්නේ, ‘දේශයයන වචනය, රාජපක්ෂ යන්නට සමාන වචනයක් වශයෙන් භාවිත වීමයි. විටෙක, මහින්ද රාජපක්ෂ යනු දේශයයි. විටෙක, ගෝඨාභය රාජපක්ෂ යනු දේශයයි. විටෙක, බැසිල් රාජපක්ෂ යනු දේශයයි. යුද අපරාධවලට දඬුවම් ලබා දෙනවිදුලි පුටුවක්ලෝකයේ කිසි රටක නැතත්, ‘අපේ රණවිරුවන් වෙනුවෙන් මම විදුලි පුටුවට වුවත් යමියි ජනාධිපතිවරයා සිංහ නාද කරන විට, ඔහු ඉබේමඅපේ දේශයබවට පත්වෙයි. දේශය සමග නායකයාගේ නාමය මෙතරම් අනන් වූ තවත් කාලයක් නූතන ලංකාවේ මීට පෙර කිසි දවසක නොතිබුණි. ජේ. ආර්., පේරමදාසට හෝ චන්ද්රිකාට නොතිබුණු එම දේශමාමක වරය ඔහුට හිමි වීමට එක් රධාන හේතුවක් තිබේ. එනම්, දේශය සමග අනන්යව පැවති තවත් රපංචයක් වූ යුද්ධය, ඔහුගේ රජය යටතේ හමුදාමය වශයෙන් ජයගත හැකි වීමයි.

එහි රතිඵලයක් වශයෙන්, ‘මහින්ද චින්තනයයනු වෙනකක් නොව, සැබෑ ජාතික චින්තනයක දිගුවකැයි හුවාදැක්වීමේ ව්යාපෘතියක් දියත් විය. යුද ජයගරහණයේ කීර්ති කදම්බයෙන් ඔද වැඩුණුමහින්ද චින්තනයවිසින් මෙරටේ නිදහස් මතධාරීන් පමණක් නොව, අවුරුදු තිහකටත් වැඩි කාලයක් තිස්සේජාතික චින්තනයයනුවෙන් මොකක්දෝ දෙයක් කීමට වෙහෙසුණු, නලින් සිල්වා සහ ගුණදාස අමරසේකර වැන්නන්ද, තක්බීරි කොට තිබේ. ඔවුන්ගේ අතිජාත පුතරයන් වන විමල් වීරවංශ සහ චම්පික රණවක වැන්නන්, ආණ්ඩුව සමග අද පැටළෙන බොරු කෝන්තරවල එක හේතුවක් එයයි.

ඉහත කී කණ්ඩායමේ ජාතික චින්තනයේ දෘෂ්ටිවාදය වුණේ සැබෑ බුද්ධාගම නොව, මහාවංශ බුද්ධාගමයි. එම බුද්ධාගම ඔවුන්ට වඩා අගේට ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ලවා ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ අද කටයුතු කරගෙන යයි. එහෙත් කලින් කී ජාතික චින්තනයේ අතීත භෞතික සශරීකත්වය පෙන්නුම් කළ ඇළ දොළ වැව් අද සිඳී ගොසිනි. , නියඟය නිසාම නොවේ. දේශය, ජාතිය, ආගම, ආර්ථිකය, සංස්කෘතිය සියල්ල රාජපක්ෂකරණය වීම නිසා . ඉතා සරල උදාහරණයකටමිහින් ලංකාගුවන් සේවය ගන්න. මුලින්ම, එයමිහින් ලංකාවුණේ ඇයි? මහින්ද සහ ලංකාව යා කිරීමට . එක ජාතික ගුවන් සේවයක් (ශී ලංකන් ගුවන් සේවය) තිබියදී, නායකයාගේ නමින් තවත්ජාතිකගුවන් සේවයක් පවත්වාගෙන යාම වෙනුවෙන් දවසකට මේ රටේ ජනතාව රුපියල් කෝටියක පාඩුවක් විඳිති. එය ඉහත කී රාජපක්ෂ දේශපේරමයට රශ්නයක් නොවේ. දවස්පතා අපතේ යන මේ රුපියල් කෝටිය, අර කියන වැව් පද්ධතියේ වැසි දිය රැුස්කර ගැනීමේ ධාරිතාව වැඩි කිරීමට පාවිච්චි කළොත්, නියඟයක දී මෙතරම් විඳවන්ට ගැමියාට සිද්ධ වන්නේ නැත. මීට සමගාමීව, ජනාධිපතිවරයාගේ ගමේ ගුවන් තොටුපොළක් ගොඩනැගුණි. සඳහා ලබාගෙන ඇති ණය කන්දරාව ඩොලර් මිලියන 350 ක් හෙවත් රුපියල් කෝටි 4550 කි. සා ණය කන්දරාවක් යට කිරීමෙන් පසුවත් දවසකට මෙම ගුවන් තොටුපොළ පාවිච්චි කරන මගීන් ගණන 50 කි. දකුණු මුහුදු තීරයේ සහ ගම්පහ පාරේ තවත් රේල් පාරක් දැමීමට අවශ් කරන වියදමත් ඩොලර් මිලියන 350 කි. මුහුදු තීරයේ දුම්රිය සේවයෙන්, දවසේ කාර්ය බහුල කාලයේ ගමන් ගන්නා මගීන් සංඛ්යාව 40,000 කි. ඒත් මත්තල තරම් ලස්සනක් කොයින්ද රේල් පාරක? ‘මිහින් ලංකාතරම් ඉගිලෙන්ට පුළුවන් වැව් පද්ධතියකට? මේ කියන නායක අධි-මානය සහ නායක වන්දනාව පුස්සක් කරන රධාන සමාජ ආයෝජනය විය හැක්කේ අධ්යාපනයයි. එහෙත්, රටවල් 15 ක් හැරුණු කොට ලෝකයේ අනිත් සෑම රටකම අධ්යාපන වැය ශීර්ෂය අපට වඩා වැඩි .

දැන් අපි නූතන දේශපේරමය හඳුනාගනිමු. ඇමරිකාවට දේශපේරමයක් තිබේ. එංගලන්තය, රංශය, ජර්මනිය ආදී බටහිර රටවලට පමණක් නොව, චීනයට සහ ඉන්දියාවටත් දේශපේරමයක් තිබේ. ඇමරිකාවේ දේශපේරමය තුළ, බෝයිං නැමැති මහා ගුවන්යානාවල සිට ඇපලෝ නැමැති හඳටත් යන අභ්යාවකාශ යානා සහ චන්ද්රිකා තිබේ. චීනයේ දේශපේරමය තුළ ලෝකය පුරා පැතිරුණු වෙළෙඳ අධිරාජ්යයක් තිබේ. ඉන්දියාවේ දේශපේරමය, ‘මහා භාරතයේරාමා සීතා මත අද යැපෙන්නේ නැත. අපි තවමත් ඉන්නේ දුටුගැමුණු-එළාර විකරමයේ . අද එයරාජපක්ෂ විකරමයක්වී ඇත.

එසේ වන්නේ ඇයි? දේශපේරමය, මැතිවරණ බලය සඳහා ඇති පේරමයක් වශයෙන් සැලකෙන බැවිනි. එවිට, හැකිතාක් ඇමරිකානු-විරෝධී විය යුතුය. හැකිතාක්, බටහිර-විරෝධී විය යුතුය. (විටෙක, ඉන්දියානු-විරෝධී විය යුතුය). එවිට, පළාත් සභා ඡුන්ද, පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ ජයගත හැකිය. එතකොට, සඳහා මේ රටේ ජනතාව ගෙවිය යුතු වියදම කොච්චරද? (මහින්ද රාජපක්ෂගේදේශපේරමයතුළ ජනතාවගෙන් ගිලිහෙන අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්යය සහ යහපාලනය වැනි දේවල් මෙහි දී සැලකිල්ලට නොගැනේ).

කිසිවක් නිෂ්පාදනය නොකරන, වෘත්තීය ව්යාපාරයක් වශයෙන් රටවල් අතර තැරැුව්කාරකම් කරන රචාරක සමාගම් විශේෂයෙක් බටහිර තිබේ. ඔවුන් කරන්නේ, යම් රටකට, උදාහරණයක් වශයෙන් ලංකාවට හොඳ මුහුණුවරක් ඇමරිකාවේ ජනතාව අතර සහ ඇමරිකානු පාලකයන් අතර ඇති කර දීමයි. වැදගත් පුද්ගලයන් ලවා ලංකාවට පක්ෂපාතී ලිපිලේඛන ලියා, රටවල්වල ජාතික පුවත්පත්වල පළ කිරීමාදියේ සිට, තමන්ගේ සේවාදායකයා (ලංකාව) වෙනුවෙන් එරටේ ආණ්ඩුවේ (ඇමරිකාවේ) බලගතු පුද්ගලයන්ට විවිධ මාර්ගවලින් බලපෑම් කිරීමට බැලීම මෙම සමාගම්වල රාජකාරියයි. ඉතා සරලව කිවහොත්, ඌව පළාත් සභා මැතිවරණයේ ඡුන්ද ගරා ගැනීම සඳහාඇමරිකානු අධිරාජ්යවාදයටමහින්ද රාජපක්ෂ තඩිබාන විට, අර කියන සමාගම, බරක් ඔබාමාගේ විශ්වාසවන්තයෙකු හරහා, මහින්දගේ සැබෑ ස්ථාවරය, එනම්, ලංකාවේදී මොනවා කිව්වත්, මහින්ද රාජපක්ෂ මුළු හදින් ඇමරිකාවට ආදරය කරන්නකු වන බව, බරක් ඔබාමාට රහසින් මතක් කර දීමට බලයි. මේ සඳහා අති විශාල මුදලක් අර කියන සමාගම ලංකා රජයෙන් අය කරයි.

මෙවැනි ඇමරිකානු සමාගම් තුනක් සමග අපේ ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර ගිවිසුම් අත්සන් කර ඇති බවසන්ඬේ ටයිම්ස්පුවත්පත (10.08.2014) වාර්තා කෙළේය. එයින් පළමුවැන්න වන්නේ, ජුනි 2 වැනි දාබෙල්ට්වේ ගවර්න්මන්ට් ස්ටරැටජීස් ඉන්කෝපරේෂන්නැමැති සමාගම සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමකි. සමාගමට ලංකා ආණ්ඩුව ගෙවිය යුතු මිල මේ දක්වා අනාවරණය වී නැත. කෙසේ වෙතත්, ඊට සති තුනකට පසු, මෙම සමාගම භාරගත් රාජකාරියබර්ස්ටන් මාස්ටෙලර්නැමැති තවත් සමාගමකට ඔවුන් විසින් පවරා තිබේ. සඳහා එම සමාගමට මාසිකව ගෙවිය යුතු මුදල ඇමරිකානු ඩොලර් 75,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 97 කි. එම මුදල පසු ගිය ජුනි 1 වැනි දා සිට 2015 මැයි 31 වැනි දා දක්වා මාස්පතා ගෙවීමට ලංකා ආණ්ඩුව බැඳී සිටී.

මේ මාසයේම, තවත් එවැනි සමාගම් දෙකක් සමග ලංකා ආණ්ඩුව ගිවිසුම්වලට අත්සන් කොට ඇත. එකක් වන්නේ, ‘මැඩිසන් ගෘප්නැමැති රචාරක සමාගමයි. සඳහා ලංකා ආණ්ඩුව ගෙවිය යුතු මාසික ගාස්තුව ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 20 කි. ඊළඟට, ජුනි 23 වැනි දාපී ඇන්ඞ් ආර් පාට්නර්ස් ඉන්කෝපරේටඞ්නැමැති තවත් ඇමරිකානු සමාගමක් සමග ලංකා ආණ්ඩුව එවැනිම රචාරක ගිවිසුමකට අත්සන් කොට තිබේ. වෙනුවෙන් එම සමාගමට ලංකාව ගෙවිය යුතු මාසික ගාස්තුව, ඇමරිකානු ඩොලර් 35,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 50 කි. මේ ගිවිසුම් තුනටම අත්සන් කොට ඇත්තේ විදේශ ඇමතිවරයා හෝ වෙනත් ඇමතිවරයෙකු නොව, විදේශ අමාත්යාංශයේ මොනිටර් මන්තරී වන සජින් වාස් ගුණවර්ධන . එසේම මේ කිසිවක් කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතියකට ඉදිරිපත් කොට නැත.

ලංකාවේ දේශප්රේමී නායකයාට එරෙහිව දියත් වනබටහිර කුමන්තරණයක්ඇතැ යි ඌවේ ජනතාවට අඟවන තරමට, දේශපේරමී ඡුන්ද ගරානා ව්යාපාරය එම පළාතේ සාර්ථක වෙයි. එහෙත් බොරුව ගැන බටහිර රටවල් නොරොක් වන බව දන්නා ආණ්ඩුව, එම රටවල හිත් ගැනීමට බලන්නේ තවත් සල්ලි කන්දරාවක් වියදම් කිරීමෙනි. මෙය, නාස්තියක් පමණක් නොව, විහිළුවක් වන්නේය. මන්ද යත්, ලංකාවේ ඡුන්දදායකයාගේ කැමැත්ත බොරු කීමෙන් සහ සල්ලි වීසි කිරීමෙන් ලබා ගන්නා ආකාරයටම, බරක් ඔබාමා ඇතුළු අනිත් බටහිර නායකයන්ගේ කැමැත්තත්, චාටුවෙන් ලබා ගත හැකි යැයි අපේ පාලකයන් විශ්වාස කරන නිසා .

උපුටා ගැනීම -   රාවය පුවත්පත 

-MMP


 




2014-08-26
Advertisement

Find us on Facebook