English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුයි.”
අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුයි. එමෙන්ම හමුදාව යටතේ තිබෙන ඉඩම් මුදා හැරීම ඇතුළු විශ්වාසය ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව ද ශ්‍රී ලංක රජයට අවධාරණය කරනවා. යැයි ද ඊයේ (11) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා පැවැසීය.

තවද , දීර්ඝ කාලයක් තිස්සේ ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත යටතේ තිබෙන නඩු කටයුතු ආදිය කඩිනමින් විසඳීමට කටයුතු කළ යුතු බව ද සිහිපත් කරනවා. එමෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්වලට අනුව දැනට තිබෙන පනත වෙනුවට නව පනතක් ගෙන ආ යුතු බව නැවත වරක්  ශ්‍රී ලංකා රජයට සිහිපත් කළ යුතුයි. උතුරේ පීඩිතයන්ගේ විරෝධතාවලින් ප්‍රතිසංස්කරණ සිදුවන්නේ මන්දගාමීව බව පෙනී යනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතුයි. එම නිර්දේශ සහ අනෙකුත් ක්‍රියාමාර්ග ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයැයිද මානව හිමිකම් මහ කොමසාරිස්වරයා එහිදී පවසා තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරයේදී වාචික ප්‍රකාශයක් කරමින් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඒ බව සඳහන් කළ අතර, මහ කොමසාරිස්වරයා එහිදි ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 40ක් සම්බන්ධයෙන් අදහස් දැක්වා තිබුණි.




2017-09-11
Advertisement

Find us on Facebook