English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ සිද්ධියේ සාක්කිකරුවන් ආරක්ෂා කරන්න - කැෆේ සංවිධානය
වැලිකඩ ඝාතන සිද්ධිය වී වසර 05ක් ගත වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බවත් සාක්කිකරුවන්ට වහාම ආරක්ෂාව ලබාදී ඝාතන වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකර සිටින  බව කැෆේ සංවිධානය පවසයි.

ඒ වැලිකඩ ඝාතනයේ ප‍්‍රධාන සාක්ෂිකරු සුදේශ් නන්දිමාල් මහතාගේ නිවසට එල්ල වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන සුදේෂ් නන්දිමාල් මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි සිය සොහොයුරියගේ නිවසේ රැඳී සිටියදී ඊයේ රාත්‍රී 11.00ට පමණ නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විමර්ශනද  ආරම්භ කර තිබේ.




2017-09-05
Advertisement

Find us on Facebook