English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අපිට සවන් දෙන්නේම නැහැ ... උද්ඝෝෂනයෙන් බැරිනම් ....!


 "2006 ජනවාරි පළමුදා සිට මෙතෙක් ආණ්ඩුව විසින් වැටුප් වැඩි කර නැහැ. වැටුපට දීමනා කිපයක් එල්ලලා තිබෙනවා පමණයි. අද රජයේ සේවයන් විශ්රාම යන්නේ 2006 ගන්න වැටුපට. 2006 න් පස්සේ ජනතාවට සේවා ගාස්තු සහ ජීවන වියදම විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ආණ්ඩුව ආර්ථික වශයෙන් හදල නෑ. ජනාධිපතිවරයා වෙත අපි මතක් කර සිටිනවා 2500 ක් වැඩිකරනවා කියා දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නෑ. එමනිසා රාජ්ය, අර්ධරාජ්ය සහ පුද්ගලික සේවකයන්ට අවම වශයෙන් රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක් අවශ්යයිග.එය ඉතාම සාධාරණ ඉල්ලීමක්. මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීම් කීපයක් සිදු කලත්, එයට නිසි ප්රතිඵලයක් නොමැති නිසා අපි සියලු සේවකයන් ඒකාබද්ධ කර ගනිමින් උද්ඝෝෂණයක් සිදු කරනවා. එයිනුත් ප්රතිඵලයක් නොමැති වුවහොත් අපි මේ ඉල්ලීම් දිනා ගැනීමට සියළුම සේවකයන් වැඩවර්ජනයක් දක්වා පෙළගැස්වීමට ඉදිරියේදී කටයුතු කරනවා.”   මාධ්‍ය වෙත එසේ් අදහස් දැක්වුුයේ් රාජ්‍ය හා අර්ධරාජ්‍ය පෞද්ගලීීක අංශයේ් වෘත්තීීය සමිතිි එකමුුතුුවේ සභාපතිි සමන් රත්නප‍්‍ර‍්‍රීීය මහතාය.

ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩවල, මිනිස්සු බඩ ගින්න නිවා ගැනීමට කුසට දමා ගන්නා ආහාර ද‍්‍රව්‍ය මිළ ඉහළ දමන්නේ ඒ ආහාර අනුභාව කරන්නේ මිනිස්සු ය යන්න ගැන වගේ වගක් නැතිවා මෙනි. හිතෙන හිතෙන වෙලාවට, හිතෙන හිතෙන ආකාරයට මිළ ගණන් ඉහළ දමයි. ඔවුන් බොහෝ ගාම්භිරව දමන සංඛ්‍යාවල බරපතලකම සහ රුදාව දැනෙන්නේ මහජනතාවටය.

රාජ්‍ය හා අර්ධරාජ්‍ය, පෞද්ගලීීක අංශයේ් වෘත්තීීය සමිතිි එකමුුතුුවට අනුව, ජීවන වියදම ඉහළ යාමත් සමග සේවක වැටුප් ද ඉහළ දැමිය යුතුය. එබැවින් ඔවුන් ආණ්ඩුවට බලකර සිටින්නේ සේවක වැටුප රුපියල් දස දහසකින් (10000/-)වැඩිකරන ලෙසයි. 

මෙම ඉල්ලීම ඉටුකරන ලෙසට ආණ්ඩුවට බලකරමින් පවත්වනු ලබන උද්ඝෝෂනයක්, හෙට එනම් අගෝස්තු 27 වෙනි දා පස්වරු 3.00ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පවත්වනු ලබන බව රාජ්‍ය හා අර්ධරාජ්‍ය පෞද්ගලීීක අංශයේ් වෘත්තීීය සමිතිි එකමුුතුව පවසයි. 

මෙම අවශ්‍යතාවය පිළිබඳව සහ හෙට පැවැත්වෙන උද්ඝෝෂනය පිළිබඳව ජනතාව දැනුවත් කරනු සඳහා ඊයේ (අගෝ 25) දින කොටුව දුම්රියපොල ඉදිරිපිට දී පොස්ටර් ප‍්‍රදර්ශනයක් ද ඔවුන් විසින් සංවිධානය කර තිබිණි.

මුලාශ‍්‍රය - ලංකා ෆෝකස්



2014-08-26
Advertisement

Find us on Facebook