English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කාලපයේ ඝාතණ ගැන මහානාම වාර්තාව කියවන්න..


2011 වර්ෂයේ මැයි 30 වන දින එවකට පැවති ආණ්ඩුව විසින් සේවක අර්ථසාධක අරමුදල භාවිතාකොට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට ගත් අසාර්ථක උත්සහය හමුවේ ඊට විරෝධය දැක්වූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක,සේවිකාවන්ට ආරක්ෂක අංශයන් යොදවා කළ කෲර සහ අමානුෂික ප්‍රහාරය හේතුවෙන් රෝෂේන ශානක තරුණයා ඝාතනයට ලක් වූ අතර තවත් කිහිපදෙනෙකු සදාකාලික ආබාධිතයන් බවට පත් වුණි. එම මිලේච්ඡ ප්‍රහාරයෙන් දහසකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

පසුව, මෙම සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කෙරුණි. එම කමිටුවෙහි නිර්දේශ ඇතුලත් වාර්තාව 2011 ජුලි මස 15 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය. නමුත්, එම වාර්තාව මහජනතාව වෙත ප්‍රසිද්ධ නොකෙරුණි. යහපාලන ආණ්ඩුව යටතේ බලගැන්වූ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ කරන ලද ඉල්ලීමකට අනුව, 2017 ජූලි මස 13 වන දින රොශේන් ශානකගේ මව වෙත එම කමිටු වාර්තාව භාරදුණි.
 
මහානාම තිලකරත්න කමිටු වාර්තාව පහත සබැඳිය හරහා ඔබට භාගත කළ හැක.

https://drive.google.com/file/d/0B3GOAkXjXkDrNnlFRXRZOTZMMXM/view


2017-08-16
Advertisement

Find us on Facebook