English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මැ. කො. ට අවශ්‍ය දත්ත වහාම සපයන්න - ජනාධිපති ලේකම්

රටේ පැවැත්ම, මිනිසුන්ගේ පැවැත්ම, යහ පාලනය, කෙසේ වෙතත් ඉතා සීරුවට මැතිවරණ පවත්වන්නට රුචියක් දක්වන ශ‍්‍රී ලංකාව, සැප්තැම්බර් මාසය පටන් ඉන් ඉදිරියට එළඹෙන කාලපරිච්ඡ්දය තුළදී විවිධ වු මැතිවරණ කිහිපයක් පවත්වන්නට සැළසුම්කර ඇත. මෙකී කර්තව්‍යයේදි මැතිවරණ කොමසාරිස්වරයාට පැවරෙන වගකීම හා කාර්යයන් නිසි ආකාරයෙන් දියත්කිරිම සඳහා අවශ්‍යකරන පුද්ගල සහය ලබාගනු වස් ඊට අදාළ පුද්ගලයින්ගේ දත්ත තොරතුරු වහා ලබාදෙන ලෙසට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් දන්වා සිටියි.

එළඹෙන කාලපරිච්ඡ්දය තුළදී, ජාතික මට්ටමේ මැතිවරණ තුනක් පවත්වන්නට සැළසුම්කර ඇති බැවින් ඒ හා අදාළව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලුම්කර ඇති මැතිවරණ රාජකාරි සඳහා යොදවනු ලබන නිළධාරීන්ගේ දත්ත තොරතුරු වහාම සපයන ලෙසට ලලිත් වීරතුංග මහතා විසින් සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයාට සහ පළාත් සභා ප‍්‍රධාන ලේකම්වරුන්ට සහ සියලූම දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට දන්වා ඇත.
 
ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා යෙදවීමට නියමිත වන මාණ්ඩලික නිළධාරීන් ඇතුළු රජයේ නිළධාරීන් පිළිබඳ දත්ත තොරතුරු යාවත්කාලින කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් අදාළ තොරතුරු ඉල්ලා ඇතිමුත් ඊට ප‍්‍රතිචාර දක්වා නැති බැවින් ඒ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාට දැන්වීමෙන් අනතුරුව මේ පිළිබඳව වහාම පියවර ගන්නා ලෙසට ජනාධිපති ලේකම් විසින් අදාළ අංශවලට දන්වා ඇත.
-MMP 




2014-08-25
Advertisement

Find us on Facebook