English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“මං මෙතැන් සිට පසුපෙළ මන්ත්‍රී කෙනෙකු ලෙස කටයුතු කරනවා.”

තමාට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට තමන් නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බවත්, මෙතැන් සිට පසුපෙළ මන්ත්‍රී කෙනෙකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

තම පක්ෂය හා රට වෙනුවෙනුත්, නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනුත් හා තම පාක්ෂිකයන් වෙනුවෙනුත් තමන් මෙම තීරණය ගන්නා බවත් තමා කිසිදිනෙක වරදක් කර නැති බැවින් ඉතිහාසය හා කාලය නිවැරදි විසඳුමක් ලබාදෙනු ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් පසුගියදා බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබූ අතර, දේශපාලනඥයින්ගේ ඉල්ලීම මත හා ජනපති හා අගමැති හමුවීමෙන් අනතුරුව  අද ඔහු තීරණය ප්‍රකාශයට පත් කළේය.




2017-08-10
Advertisement

Find us on Facebook