English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඌවේ භීෂණයෙන් ජනතාව බියට, මැතිවරණ කාර්යාල විනාශයට !



මොණරාගල, බිබිල ඡන්ද බල ප‍්‍රදේශය තුළ ඊයේ එනම් අගෝස්තු 24 වන දා අලූයම් කාලසීමාව තුළදී ආරම්භවුණු ප‍්‍රහාරයක් පැය 06ක කාලසීමාවක් දක්වා ඇවිල ගොස් ඇති අතර ආයුධ සන්නද්ධ ප‍්‍රහාරකයින් විසින් බිබිල ඡන්ද බල ප‍්‍රදේශය තුළ විපක්‍ෂයේ පක්‍ෂ කාර්යාල 18ක් කඩා බිඳදමා විනාශකර ඇති බවත්, එම හේතුව මත විපක්‍ෂයේ ඡන්ද දායකයින්, ඡන්ද අපේක්‍ෂකයින් සහ උදව්කරුවන් සිය ජීවිත පිළිබඳව බියෙන් පසුවන බවත්  නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය(කැෆේ) වාර්තා කරයි.

එක්සත් ජාතික පක්‍ෂයේ කාර්යාල 13ක් ද , ජනතාවිමුක්ති පෙරමුණේ කාර්යාල 04ක් ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයේ කාර්යාල 01 ක් ද තුවක්කුකරුවන් විසින් විනාශකර දමා ඇතැයි කැෆේ සංවිධානය ප‍්‍රකාශකරයි.

එහෙත් මෙම ප‍්‍රහාරය එල්ලකළ පිරිස බිබිල පොලිස් බල ප‍්‍රදේශය තුළ නිදහසේ සැරිසරමින් ප‍්‍රහාරය එල්ලකර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිඳු පියවරක් ගෙන නොමැති බව කැෆේ නිරීක්‍ෂක කණ්ඩායම් වාර්තා කර ඇත.

ඉලූකාපතන, බකිණිගහවෙල, මැදගමල කණුල්වලල හෙරලියවලල නන්නපුරාවල ගල්කුඹුරල වෑගමල හෑපොලල රදලියද්දල යන ප‍්‍රදේශවල පිහිටි එක්සත් ජාතික පක්‍ෂයේ කාර්යාලවල තිබු බැනර් , කටවුට් යනාදි ප‍්‍රචාරක භාණ්ඩ විනාශකර දමා ඇති බවත් , බිබිල මොණරාගල පාරේ පිහිටි කණුල්වල එජාප කාර්යාලයේ හිමිකරුවන මොහොමඩ් නසීර් මහතාගේ නිවසට පැමිණ  ඔහුට ගිනි අවි පෙන්වා නැවත පක්‍ෂ කාර්යාලය ගොඩනැගුව හොත් මරාදමන බවට තර්ජනය කර ඇත.
 
මේ අතර බඩල්කුඹුර, පරණඅලූපොත එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලය ඉවත්කර ගන්නා ලෙසට මැරයින් විසින් නියෝගකර ඇති අතර, බිබිලේ පිහිටි එක්සත් ජාතික පක්‍ෂ කාර්යාල 24 න් 13ක්ම ඊයේ ප‍්‍රහාරයට ලක් වී විනාශ වී ඇතැයි වාර්තා වෙයි.

ඊයේ් අලුයම 3.15 ට පමණ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක සමන් කුමාර අබේරත්න මහතා ගේ බිබිල මොණරාගල පාරේ පිහිටි කාර්යාලයේ කටවුට් විනාශ කොට ඇති අතරල පැමිණි මැර කණ්ඩායම අපේක්ෂකයාට මරණීය තර්ජන ද සිදු කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ බිබිල මැතිවරණ කාර්යාල 4 කට ද මෙදින ප්රහාර එල්ල වී ඇතග බිබිල ඡන්ද කොට්ඨාශයේ ඔබ්බේගොඩල මරියාරාවල වැලියාය කාර්යාලවලටත් කතරගම - මයුරගම පිහිටි කාර්යාලයකට ද මෙදිනම ප්රහාර එල්ල වී ඇතග මැතිවරණය ආරම්භවීමෙන් පසුව මොණරාගල දිස්ත්රික්කයේ ජවිපෙ කාර්යාල 12 කට ප්රහාර එල්ල වී ඇති අතර, මෙයට පෙර කතරගම සේල්ලකතරගම ජවිපෙ කාර්යාලයට සිදු කළ පහරදීමෙන් එම පක්ෂයේ ආධාරකරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇත.

මෙම ප‍්‍රචණ්ඩකාරි ක‍්‍රියාවන් හේතුවෙන් මොණරාගල දිස්ත‍්‍රික්කයේ විපක්‍ෂයේ දේශපාලන ක‍්‍රියාකාරීන් තුළ බියක් හටගෙන ඇතැයි සඳහන්කරන කැෆේ සංවිධානය, පළාත්සභා මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමේ සිට, අද(25) උදැසන 10 වන විට පැමිණීලි 74ක් කැෆේ සංවිධානය වෙත වාර්තාවී ඇතැයි සඳහන් කරයි. ඊයේ දිනය මෙතෙක් වැඩිම ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වාර්තාවු දිනය ලෙසට ද ඔවුන් හඳුන්වා දෙයි.


-MMP





2014-08-25
Advertisement

Find us on Facebook