English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


CID ය වැලිකඩ ඝාතකයින් රකින බවට චෝදනා - (VIDEO)
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කරමින් ක්‍රියාත්මක වූ සංහාරයේ ඝාතකයින් ඉතා සංවිධානාත්මක ලෙස ආරක්ෂා කරන බව නීතිඥ සේනක පෙරේරා පවසයි.

තවද, වැලිකඩ සංහාරය ඇසින් දුටු රැඳිවියන් හට බන්ධනාගාර ඉහළ නිලධාරියකු විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් හෙළි නොකරන ලෙසට බලපෑම් කර ඇති බවද නීතිඥ වරයා පවසයි.

නීතිඥ සේනක පෙරේරාට හා වැලිකඩ ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරු වන සුදේශ් නන්දිමාල් සිල්වා හට පසුගිය ජුලි 11 වනදා රාත්‍රියේ දුරකථන මගින් මරණ තර්ජන එල්ලකිරීම සම්බන්ධයෙන් අයිතිය වෙබ් අඩවිය කළ විමසීමකදී නීතිඥ වරයා මේ බව සඳහන් කළේය.

නීතිඥ සේනක පෙරේරා විසින් දැක්වූ අදහස් පහත දැක්වේ...

 




2017-08-02
Advertisement

Find us on Facebook