English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගැටළු වලට පැලැස්තර නොව ස්ථිර විසඳුම්!
ගැටලූ සියල්ලට පැලැස්තර නොදමා ස්ථිර විසඳුම් සෙවීම යන පදනමෙහි සිට රජය කටයුතු කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.සිවිල් සංවිධාන සාමාජික සාමාජිකාවන් පිරිසක් ඊයේ (26) කොළඹ අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“අද නිදහසේ සමාජය ස්ථාපිත වෙලා. ඒ නිසා අද මාධ්‍යයෙන් කොතරම් පහර ගසනවා ද? එසේ වූවත් කවුරුවත් මාධ්‍යවේදීන් පැහැර ගෙන ගොස් නැහැ. එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පැවැසූ පුද්ගලයන් අද අපට දොස් කියනවා. නමුත් මෙයයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය.

ඕනෑම අයකුට  ඕනෑම දෙයක් කිව හැකියි. ඒවාට අපට පිළිතුරු දෙන්නත් පුළුවනි. අප ගහන්න යන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් වාතාවරණය ඉදිරියට ගෙන යා යුතුයි. අප මේ වනවිට රටේ පවතින මූලික ගැටලූ විසඳීම ආරම්භ කර තිබෙනවා.

අපට ලැබුණේ ණය බර සහිත මඩවගුරයි. එක් පැත්තකින් මඩවගුර ලැබුණා. අනෙක් පැත්තෙන් කුණු කන්දක් ලැබුණා. තවත් පැත්තකින් හොර ගුහාව ලැබුණා. මේ සියල්ලම පාලනය කරමින් අප ඉදිරියට යන්නේ කෙසේ ද?.

සෑම ගැටලූවක් සඳහාම අපි පියවර ගෙන තිබෙනවා. ණය උගුලට මුහුණ දෙනවා. ඒ වගේම නියඟය, ගංවතුර ආදී ආපදා තත්ත්වයන්ටත් මුහුණ දුන්නා. මේ ගැටලූ සියල්ලට තාවකාලික පැලැස්තර නොදමා ස්ථිර විසඳුම් සෙවිය යුතුයි.”

 

 

උපුටා ගැනීම - ලංකාදීප




2017-07-27
Advertisement

Find us on Facebook