English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි ?” රත්නපුරට
අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි ? යන තේමාව යටතේ අලූත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත‍්‍රණයක් ජූලි 29 සෙනසුරාදා උදේ 9.00 ට රත්නපුර සර්වෝදය ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

මෙම සම්මන්ත‍්‍රණයේ අදහස් දැක්වීම සදහා පුජ්‍ය දඹර අමිල හිමි, ප‍්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ, කේ ඩබ් ජනරංජන, ජයතිලක බණ්ඩාර, මහින්ද රත්නායක හා  පිලිප් දිසානායක යන අය සහභාගී වීමට නියමිත අතර, රට තුළ දීර්ඝ කාලීන සාමයක් ඇති කිරීම සඳහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකර මානව හිමිකම් ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීම, අල්ලස හා  දුෂණය ඇතුළු අපරාධ වැළැක්වීමට යාන්ත‍්‍රණයක් ඇති කර නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම යන කාරණා මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

 




2017-07-27
Advertisement

Find us on Facebook