English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බ්‍රිගේඩියර් ඇමරිකාවේදී අතුරුදන්!
ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකා යුධ හමුදාවේ බි‍්‍රගේඩියර්වරයකු ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි  ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ සැඟව සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට තානාපති කර්යාලය මගින්  ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව යුද හමුදාව කියයි.

ඔහු ඉකුත් රජය සමයේ 2014  දෙසැම්බර්  මස ඇමැරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් පත්කර යවා තිබු අතර, 2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වී නැවැත ලංකාවට පැමිණීමට  නියමිතව තිබුණ ද මෙතෙක් ඔහු ශි‍්‍ර ලංකාවට පැමිණ නොමැති  බවද හමුදා  ආරංචි සඳහන් කරයි.

 

උපුටා ගැනීම - http://www.lankadeepa.lk

 




2017-07-11
Advertisement

Find us on Facebook