English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


උතුරට ඔය මොකවත් දෙන්නෙ නැහැ - එස්. බී. !


උතුරු පළාත් සභාව විසින් ඉල්ලා සිටින පොලිස් බලතල සහ ඉඩම් අයිතිය යන කිසිවක් උතුරුට ලබා දෙන්නේ නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප‍්‍රකාශ කරයි.

උතුරුට ඉඩම් අයිතිය සහ පොලිස් බලතල ලබාදුන්නොත් නැවත අවි හරඹයක් ඇතිවීමත් එල්ටීටීඊ ය නැවත ප‍්‍රතිසංවිධානය වීමත් ප‍්‍රථීඵල විය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

"එල්ටීටීඊ සංවිධානය යුරෝපය තුළ ඉතාම ක‍්‍රියාශීලියි. එවන් පිරිසකට නැවතත් ප‍්‍රතිසංවිධානය වන්නට අවශ්‍ය පසුබිම සකස්කර දුන්නොත් යාපනයේ ජනතාව තමයි මුලින්ම පීඩා විඳින්නන් බවට පත්වෙන්නේ."යැයි අද (අගෝ 24) පස්සර දී පැවති මහජන රැළියක් අමතමින් එස් බී දිසානායක ඇමතිවරයා එසේ පැවසීය.

"අපිට බැහැ යළිත් ත‍්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩදෙන්නට. අපිට බැහැ ටී.එන්.එ් එකට අවශ්‍යකරන දේවල් දෙන්න. අපිට බැහැ උතුරු පළාත්සභාවට අවශ්‍යදේ දෙන්න. අපිට බැහැ පොලිස් සහ ඉඩම් බලතල ලබාදෙන්න." යනුවෙන් ඔහු ප‍්‍රකාශ කළේය.

මේ අතර, ඊයේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි හා ටී.එන්.එ් සාමාජීකයින් අතර  පැවති සාකච්ජාවේදි අවධාරණය කළේ එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ දමිළ ජනතාවගේ සමානාත්මතාවය, ගෞරවය, ආත්ම ගෞරවය සහ යුක්ති සාධාරණත්වය යන අපේක්‍ෂාවන් ආමන්ත‍්‍රණය වන ආකාරයේ දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාවයයි.
-MMP



2014-08-24
Advertisement

Find us on Facebook