English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සාමාජික රටවල සහායෙන් ජිනීවා යෝජනා සපුරන්න රජය සුදානම්

         

2015 වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමේදී ශ්‍රී ලංකාව එකඟ වූ ක්‍රියාකාරකම් සපුරාලීමේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහ අනෙකුත් සාමාජික රටවලින් තව දුරටත් තාක්ෂණික සහාය ඇතුළු අනෙකුත් සහායන් ලබාගැනීමට රජය තීරණය කරයි.

මේ සඳහා කටයුතු කරන අමාත්‍යාංශ සහ ආයතන සම්බන්ධීකරණය කිරීම හා පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සහා අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහාය වීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

 

උපුටා ගැනීම - ලංකාදීප




2017-06-22
Advertisement

Find us on Facebook