English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගෝල්ඩන් කී අර්බුදය-මගේ දැත් ලිහා දමන්න - කොතලාවල මහතාගෙන් ඉල්ලීමක් !


ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගම තුළ හට ගත් අර්බුද රැසක් හේතුකරගෙන මේ වන විට නීතිමය වශයෙන් යම් යම් විධි විධාන අතර සිය නිදහස සීමාවී තිබෙන සෙළින්කෝ සමුහ ව්‍යාපාරයේ හිටපු සභාපතිවරයා වු දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතා ඊයේ (අගෝ 22)මාධ්‍ය ඉදිරියේ සිය හඬ විවෘත කරමින්, තමන්ගේ ගනුදෙණු කරුවන්ට සාධාරණය ඉටුකිරීම සඳහා නීතිය ඉදිරියේ තමන්ට නිදහස අවශ්‍ය බව ප‍්‍රකාශ  කළේය.

ගෝල්ඩන් කී වත්මන් පාලන අධිකාරිය විසින් තැන්පතුකරුවන්ට ඔවුන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා ලලිත් කොතලාවල මහතාට අයත් දේපොළ විකිණිමෙදි අක‍්‍රමිකතා සිදුකරනවා යැයි ගෙනහැර දක්වමින් ගෝල්ඩන් කී තැන්පතුකරුවන් පිරිසක් විසින් ඊයේ (අගෝ 22)කොළඹදී උද්ඝෝෂනයක් පවත්වන්නට විය.

පැය තුනකට ආසන්න කාලසීමාවක් තුළදි ගෝල්ඩන් කී ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට පවත්වන්නට යෙදුණු උද්ඝෝෂනයෙන් අනතුරුව, තැන්පතුකරුවන් විසින් කොතලාවල මහතා හමුවීමට ඔහුගේ බම්බලපිටියේ පිහිටි නිවසට පැමිණි අතර එහිදි කොතලාවල මහතා විසින් මාධ්‍ය වෙත සිය අදහස් මෙසේ ප‍්‍රකාශ කළේය.

"මේක හරියට සාර්ථක ක‍්‍රියාවක් වෙන්න  ඕනෙ. මේක කරන්න, උසාවියෙන් කරුණාකරලා මගේ අත්දෙක ලිහන්න. මට එහාට යන්න අරහෙට යන්න බැහැ. ගිණුමක් අරින්න බැහැ. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සමාගම්වලට මොනවද වෙන්නෙ කියලා.... මගේ සේරම අත්වැල් බැඳගෙන... සුප‍්‍රිම් කෝර්ට් එකෙන් මගේ අත්දෙක ලිහිල් කරන්න. එතකොට මට හොඳටම ඔයගොල්ලන්ට සහයෝගය දෙන්න පුළුවන්. ඒක ඉල්ලන්න.ඒක ඉල්ලන්න මාර්කෝ."
 


එවිට මාර්කෝ නැමති අයි විසින් කියා සිටියේ "අදනේ අපිට ස්රගෙන් ඒ වගේ ආරාධනයක් ලැබෙන්නේ." යනුවෙනි.
 

"අපි දෙගොල්ලොම සහයෝගයෙන් වැඩකරමු.","එහෙනම් අපි සර්ව පීඩාවට පත්කරන්නෙ නැහැ. තැන්ක්යු වෙරිමච්. ජේසුපිහිටයි.", "තැන්පත්කරුවන් ඔක්කොම සර් එක්කයි." යනුවෙන් තැන්පතුකරුවන් විසින් කොතලාවල මහතා වෙත පැවසු විට, "ඔව් ... ඔව්... තැන්ක් යු.....තැන්ක් යු ..." යනුවෙන් කොතලාවල මහතා ප‍්‍රකාශ කළේය.

මේ අතර, පැවැති විරෝධතාවය පිළිබඳව චෝදනා එල්ලකළ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ නව අධ්‍යක්‍ෂිකාවක වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය කියා සිටියේ ලලිත් කොතලාවල මහතාට පක්‍ෂපාති තැන්පතුකරුවන් 34 දෙනෙකු විසින් මෙම උද්ඝෝෂනය සිදුකළ බවත් ඔවුන් වත්මන් පාලනාධිකාරිය විසින් තැන්පතුකරුවන්ට මුදල් ආපසු ගෙවීම සඳහා ගෙන යන වැඩසටහන අවුල් කරන බවත්ය.

ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමේ තැන්පතුකරුවන් 9100 පමණ සිටින බැවින්, කොතලාවල මහතාට පක්‍ෂපාති මෙම සුළු පිරිස මගින් බහුතර තැන්පතුකරුවන්ගේ මතය නියෝජනය නොවන්නේ යැයි ද ඇය කීහ. එහෙත්, කොතලාවල මහතාගේ දේපොළ විකුණා මේවන විටත් තැන්පතුකරුවන් 6800කට පමණ තැන්පතු මුදල්වලින් කොටසක් හෝ ගෙවා ඇතැයි ද සඳහන් කළේය.

එහෙත්, ගෝල්ඩන් කී මුදල් තැන්පතුකරුවන් කියාසිටින්නේ වර්තමාන පාලන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සිටිමින් අහිංසක තැන්පතුකරුවන්හට ගෙවන්නට හැකි මුදල් අයථාලෙස භාවිතාවේ යොදවමින් රුපියල් විසිපන්දහසක් වෙනුවට ඉලක්කම් පහේ වැටුප් ලබන ඉතාම සුඛෝපභෝගි යානවාහන භාවිතා කරමින් මුදල් තැන්පතුකරුවන්ගේ මුදල් ලබාගැනිමෙහි ඇති අයිතිය කප්පාදුකර දමා නන් දොඩවන දුෂ්‍යන්ති හපුගොඩ , චොක්සි සහ වසන්ත යන පුද්ගලයින් වහා ඉවත්කළ යුතු බවයි. 
 
ඡායාරූප - දෙරණ ටීවී
-MMP



2014-08-23
Advertisement

Find us on Facebook