English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රණවිරු දිනයේදී උතුරේ වෙනසක්

           

මැයි 08 වැනි දාට යෙදෙන රණවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත කේන්ද්‍රකර ගනිමින් යාපනය නගරයේ අපිරිසිදු වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක්  කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසයි. රණවිරු දිනය නිමිත්තෙන් හමුදා ස්මරණ උත්සවය මැයි 08 වැනිදා පලාලි හීදී පවත්වන බවත් කයිතඩි වැඩිහිටි නිවාසයට හා ළමා නිවාසයට ආහාර වේලක් ලබාදීමටත් නියමිත බවත් පළාත් ආණ්ඩුකාරවරයා කියයි.

යාපනය නගරය මේවන විට සම්පූර්ණයෙන් අපිරිසිදු තත්වයක පවතින බැවින් ආණ්ඩුකාර කාර්යාලය මැදිහත් වීමෙන් අපිරිසිදුවූ සියලූ ස්ථාන පිරිසිදු කරන බව ඒ මහතා පවසයි.

හමුදා පෙලපාළි, වෙඩිමුර වෙනුවට ජනතාවගේ සුබසිද්ධිය මූලික කරගත යුතු බව පැවසූ ඒ මහතා යාපනය නගරයේ සියලූම ඇළ මාර්ග, පොකුණු සහ ජලය රැඳී පවතින ස්ථාන සුද්ධ පවිත‍්‍ර කිරීමට කටයුතු කරන බවද ප‍්‍රකාශ කරයි. මෙම කටයුත්ත සඳහා යාපනය මහ නගර සභාව, නාවික හමුදාව, යුද හමුදාව විශේෂ කාර්යය භාරයක් කරනු ඇතැයිද  අධ්‍යාපන අමාත්‍යංශය හරහා බාලදක්ෂ කණ්ඩායම් ද දායක කරගනු ඇතැයි ද ඒ මහතා පවසයි.

 

උපුටා ගැනීම - http://www.lankadeepa.lk




2017-04-20
Advertisement

Find us on Facebook