English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


උතුරු නැගෙනහිර ආර්ථිකය ඉහලට


          

ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ මෙහෙය වීමෙන් උතුරු නැගෙනහිර ආර්ථීකය නගාසිටුවීමේ ව්‍යාපෘති 1,785ක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 08 හි, ගම්මාන 113ක, මෙම ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කෙරිණි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ මූලිකත්වයෙන් එහි සමාරම්භය යාපනයේ දී සිදු විය. යාපනය ප්‍රදේශයේ ව්‍යවසායකයින් හදුන්වාදුන් ව්‍යාපෘති අධීක්‍ෂණයට ද හිටපු ජනාධිපතිනිය එක්වුණා. මෙම ව්‍යාපෘතිවලින් එම ගම්මානවල ජීවත් වන සෑම පවුලකටම ප්‍රතිලාභ හිමිවනු ඇත.

උතුරේ ජනතාවට සියලු පහසුකම්වලින් සමන්විත ජීවිත ගත කිරීමට අවශ්‍ය පහසුකම් ඉදිරි වසර තුළ ලබා දීමට රජය කටයුතු කරන බවද, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එහිදී කියා සිටි අතර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

උපුටා ගැනීම - http://www.itnnews.lk




2017-03-30
Advertisement

Find us on Facebook