English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දඬුවම් කළ යුත්තේ සමස්ථ හමුදාවට නොවේ - විග්නේෂ්වරන්


තමන් සමස්ථ හමුදාවටම දඩුවම් දිය යුතුයැයි කිසි විටක සදහන් නොකරන බවත්
, යුද්ධය මුවාවෙන් අපරාධ කළ පිරිස්වලට දඩුවම් කළ යුතු යැයි බලකර සිටින බවත්, උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය. උතුරේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිවරයා සමගින් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින්  මහ ඇමැතිවරයා මේ බව සදහන් කර ඇත.

මෙහිදී මාධ්‍යවේදින් පසුගියදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය රණවිරුවන් නීතිය ඉදිරියට ගෙන නොයන බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මහ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ අදහස් පලකර සිටියේය.

හිටපු ජනාධිපතිනියගේ එම ප්‍රකාශය අළුත් දෙයක් නෙවෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් ඒ ප්‍රකාශ කලා. යුද්ධයේදී යුද අපරාධ කළ හමුදා නිලදාරීන් දඩුවම් ලැබිය යුතුයි. ඒ හැර යුද්ධයේ කැපවූ සමස්ථ රණවිරුවන්ම දඩුවම් ලැබිය යුතු නැහැ. එහෙම අපි කියන්නෙත් නෑ. ජාත්‍යන්තරය කියන්නෙත් නෑ.

උදාහරණයකට එක් පාසලක එක් සිසුවෙකු වරදක් කලා නම් එම සිසුවාට දඩුවම් කරනවා කියන්නේ සමස්ථ පාසලටම දොස් පැවරීමක් වෙන්නෙ නැහැනේ. තනි පුද්ගලයකු යුද්ධයේදී හෝ යුද්ධයට පසු අපරාධ කලා නම් ඊට සම්බන්ධ අය කවුරුන්ද කියල හඳුනාගෙන දඩුවම් කරන්න කියල බල කරනවා.අමතරව මුළු හමුදාවටම දඩුවම් කළයුතු නෑ.

 

 

උපුටා ගැනීම - http://www.lankadeepa.lk




2017-03-28
Advertisement

Find us on Facebook