English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇමරිකාවේ ප්‍රතිපත්තිය වෙනසක්‌ නෑ!



ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සඳහා කාල වකවානුවක්‌ තුළ ක්‍රියාත්මක විය යුතු බව ඇමරිකානු තානාපති ඡේ වොයසියර් මානව හිමිකම් සමුළුව අමතා පැවැසීය. රජය හයිබ්‍රිඩ් අධිකරණයට එරෙහිවීම ගැනද කරුණු දැක්‌වූ ඔහු වින්දිතයන් ඒ ගැන තේරුම්ගත යුතු බව කීවේය.

ආරක්‍ෂක හමුදාව උතුරේ ඉඩම් අල්ලාගැනීම මෙන්ම ආරක්‍ෂක හමුදාවට මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන චෝදනා එල්ලවී ඇති බවද ඔහු පැවැසීය. විදේශ කටයුතු නි. ඇමැති හර්ෂද සිල්වා මහතා කරුණු දක්‌වමින් ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට රජය ක්‍රියාකරන බව කීවේය.

ඇමරිකානු තානාපතිගේ මෙම ප්‍රකාශයෙන් සනාථවූයේ ඔබාමා පාලනය යටතේ කටයුතු කළ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් එලෙසම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකරන බවයි.

 

 

උපුටා ගැනීම -  http://www.divaina.com/2017/03/24/news16.html




2017-03-24
Advertisement

Find us on Facebook