English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජයතිලක බණ්ඩාරයන්ගේ ජාතීන් අතර සෙනෙහස පැතිරවීමේ ගීතමය පාරමිතාව

ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීම අරමුණු කරගනිමින් ගීතමය කතිකාවක් ගොඩනැගීමට ජයතිලක බණ්ඩාර ප්‍රමුඛ සාධුජනරාව සංස්කෘතික කණ්ඩායම කටයුතු ආරම්භ කර තිබේ. මේ පිළිබදව අදහස් දැක්වූ ජයතිලක බණ්ඩාර....

යුද්ධය අපේ ජීවිත උඩු යටිකුරු කළා, ජීවිත වල හැඩතල සහ නම් ගම් පවා වෙනස් කළා, ආදරය, ප්‍රේමය, මනුස්සකම අපෙන් ඈත් කළා...  ඒවා නැවත අප හඳවත්වල දළු ඉතිලා වැඩෙන්නට ඉඩකඩ ලබා දිය යුතු බවත් ගීතය ඇසුරෙන් පැහැදිලි කර දීමත්,
 
නැවත ලේ වැගිරීමක් ඇති නොවීමට නම් දෙමල ජනතාව බලයේ කොටස් කරුවන් බවට පත් කර ඔවුන් ගෞරවනීය පුරවැසියන් ලෙස පිලි ගත යුතුයි. පවතින ව්‍යවස්ථාව තුල එයට ඉඩක් නැහැ.. ඒ සඳහා අළුත් ව්‍යවස්ථාවක් ගොඩ නගා ගත යුතුයි. එපමනක් නොව එය ජනමතයකින් ද ජයග්‍රහනය කර ගත යුතුයි.. යන අදහස් ජනතාව අතරය ගෙන යාමයි මෙම ගීතමය සංවාදයේ අරමුණ.

දැනටමත් පාසැල් දරැවන් හා ගුරැවරැන් සදහා අපි වැඩසටහන් කිහිපයක් ඉතා සාර්ථකව පවත්වනු ලැබුවා. හා හරහා විශාල සාකච්ඡාවක් නිර්මාණය කර ගන්න අපට පුලුවන් වුනා. හෙට (මාර්තු 25) මෙවැනි වැඩසටහනක් අනුරාධපුර විවේකානන්ද දෙමල විදුහලේ පැවැත්වෙනව. ඉදිරි මාස 2 ක තුල තවත් පාසැල් කිහිපයක මෙම වැඩසටහන් සංවිධානය කර තිබ‍ෙනවා. 

එමෙන්ම මැයි මාසයේ සිට තවත් මෙවැනි වැඩසටහන් 50 ක් ප්‍රාෙද්ශීය ලේකම් කාර්්‍යාල 50 ක් ඉලක්ක කරමින් පැවැත්වීමටත් දැනට සැලසුම් කර තිබෙනවා.... ඔවු වැඩි දුරටත් අයිතිය සමග පැවසීය.


 






2017-03-24
Advertisement

Find us on Facebook