English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය සම්පත් හා නිළධාරින් ඌවේ බර අඳින්නට !


රාජ්‍ය නිළධාරින් සහ රාජ්‍ය සම්පත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරික්‍ෂණ ජාලය විසින් මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද (අගෝ23) පැමිණිලිකර ඇත.

ඌව පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු මේ දිනවල ඉතා උණූසුම්ව සිදුකෙරෙමින් පවතින අතර, මොණරාගල දිස්ත‍්‍රික්කයේ බිබිල රෝහල ඉදිරිපිට පිහිටුවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක කාර්යාලය මගින් සිදුකෙරෙන සංග‍්‍රාහ කටයුතු සඳහා සිවිල් ආරක්‍ෂක බලකා සෙබළුන් සහ බන්ධනාගාර රැඳෙවියන් යොදාගෙන ඇති බවට මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය වෙත ලැබී ඇතැයි පවසයි.

එම පැමිණිල්ලට අනුව, මතු සඳහන් කළ සන්ධාන ප‍්‍රචාරක කාර්යාලය මගින් දිනපතා පුද්ගලයින් දහසකට ආසන්න ප‍්‍රමාණයකට ආහාර සපයන අතර, ඒ සඳහා සිවිල් ආරක්‍ෂක බලකා සෙබළුන් සහ බන්ධනාගාර රැුඳෙවියන් යොදාගෙන ඇති බවත්, එම කටයුතු සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බිබිල කෘෂිකර්ම පාසලේ පිඟන් කෝප්ප ඇතුළු උපකරණ භාවිතාකර ඇති බවත් සඳහන් කරයි.

"මෙසේ රජයෙන් වැටුප් ලබන සිවිල් ආරක්‍ෂක සෙබළුන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වල සහයක සේවා සඳහා යොදා ගැනීමත් කෘෂිකර්ම පාසලේ උපකරණ නීතිවිරෝධි ලෙසට භාවිතා කිරීමත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එය වැලැක්වීම සඳහා පියවර ගන්නාමෙන් කාරූණීකව ඉල්ලා සිටිමු." යනුවෙන් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ ප‍්‍රධාන විධායක, ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව මොණරාගල සහකාර මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකළ ලිඛිත පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.  

මෙම පැමිණිල්ල මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා වෙත ද පිටපත්කර යවා ඇත.
-MMP



2014-08-23
Advertisement

Find us on Facebook