English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඒකීය රාමුවක් තුල බලය බෙදිය යුතුයි!

                             

2017/03/12 දින රාවය පුවත්පත සමඟ තිස්ස විතාරණ මහතා සමඟ කල සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද්දකි.

ප්‍රශ්නය : ආණ්ඩුව මොන වගේ අදහසක හිටියත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සමාජයේ ලොකු උනන්දුවක් ඇතිවෙලා තියෙනවා ඒ අවස්ථාව පාවිච්චි කිරීම වැදගත් බව විශ්වාස කරනවාද?

පිළිතුර :

“ඒකීය රාමුව තුල කාටත් සතුටු වෙන්න පුළුවන් බලය බෙදීමක් ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි අඩුම තරමේ මේ තත්වය ඇතිවන පනතක්වත් පෙනෙන්න නෑ. මම තදින්ම කියනවා විධායක බලතල පාර්ලිමෙන්තුවටම සීමා කල යුතුයි කියල. පිට තනි කෙනෙකුට බලය ගොනු කිරීම නිසා තමයි ඒකාධිපති පාලනයක් ගොඩනැගිලා තියෙන්නේ. සාමුහිකව පාලනය කිරීමේ සම්ප්‍රධාය ඇති වන්නේ ඒකෙන්.

හැබැයි මේවා ඉටු වීම ගැන දැන් අප තුලනම් ලොකු විශ්වාසයක් නෑ. පොරොන්දු වුන දේවල් දේවිද කියන එකත්, අපි වැටිලා තියෙන තැනින් ගොඩ එන්න පුළුවන් වේවිද කියන සැකයත්, තියෙනවා

ප්‍රශ්නය : දෙමළ ජාතික නායකත්වයත් පැහැදිලිව කියල තියෙනවා ඒකීය රාජ්‍යක් පිලිගන්නවා කියල ඒ වගේම පළාත් සභාවක් වෙනම රාජ්‍ය ගැන කතා කලොත් එහි බලය මධ්‍යම ආණ්ඩුවට පවරන්න පුළුවන් විධිවිධාන වලටත් ඔවුන් එකඟ වෙලා තියෙනවා මේ තත්වය ඉතිහාසයේ කිසිදා නොවනු තත්වයක් නේද?

පිළිතුර : උදාහරණයක් හැටියට TNA සංවිධානය තුලත් පැහැදිළි බෙදීමක් තියෙනවා. මධ්‍යස්ත ස්ථාවරයක් සුමන්තිරන් හා සම්බන්ධන් ගන්නවා. ඔවුන් ඒකීය රාමුව පිලිගන්නවා.

හැබැයි යෝජනා කරලා තියෙන විදියට ආණ්ඩුකාරවරුන්ට මධ්‍යම ආණ්ඩුවේ බලය දැන් ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ඉවත් කරලා සම්පුර්ණයෙන්ම මහ ඇමතිට භාරදීම මේ අවස්ථාවේ සුදුසු නෑ.

ඒකීය රාමුව තමයි දකුණේ ජනතාව වැඩි වශයෙන් පිළිගන්නේ. බෙදුම්වාදී ප්‍රවණතා ඉදියාවේ, ඩයස්පෝරාවේ හා ලංකාවේ විවිධ තැන්වල මතුවෙලා තියෙන ඒකීය ආණ්ඩු දුර්වල කිරීම ගැන බහුතර ජනතාව අතර අකමැත්තක් තියෙනවා.  ඒ අතරේ උතුරේ හා නැගෙනහිර ඉන්න අන්තවාදී කොටස් ෆෙඩරල් ක්‍රමයකට යා යුතුයි කියනවා.

මම පෙනී සිටියා ප්‍රධාන කොමිටි හා අනු කොමිටි දෙකක් ඉදිරියේ. මම පැහැදිළි කළා එක පාරටම අන්ත තැන වලට නොයා වැඩි දෙනෙක් පිළිගන්නා මධ්‍යස්ත තැනකින් පටන් ගමු කියල. කාලයක් එක රටක් හැටියට කටයුතු කරලා අපි අතරේ අන්‍යොන්‍ය විශ්වාසය ගොඩනඟල රට නොබෙදන බවට විශ්වාසය හැදුනාම වඩා පුළුල් බලය බෙදා හැරීමකට ඉඩ හදාගනිමු කියලායි අපි කියන්නේ. මේ වෙලාවේ පුළුල් තත්වයේ බලය බෙදීම ගැන මතු කරද්දී එකඟත්වයක් ඇති කිරීම අපහසු වෙයි. ප්‍රායෝගිකව වෙනසක් කල යුතුයි.

 

 

 

උපුටා ගැනීම - රාවය 2017.03.12




2017-03-20
Advertisement

Find us on Facebook