English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මේ අවස්ථාව මග හැරියොත් අපට අනාගතයක් නෑ - සරත් විජේසුරිය

‘1994 වසරේ මහ මැතිවරණයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කියන්න බැහැ අලුත් ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ කියලා. එදා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් චන්ද්‍රිකා මහත්මිය ඉදිරිපත් කළ අවස්ථාවේ එජාපය ඊට විරුද්ධ වුණා. උත්ප්‍රාසය වන්නේ එදා විරුද්ධ වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා අද අලුත් ව්‍යවස්ථාවක් ගෙනඑන්න පෙරමුණ ගැනීමයි. එය දෛවයේ සරදමක් ලෙස අපි කියන්නේ නෑ. එදා ශ්‍රීලනිපයට නොලැබුණු සහයෝගය අද ලැබී තිබෙනවා. මේ අවස්ථාව මග හැරියොත් අපට අනාගතයක් නෑ.

මහාචාර්ය සරත් විජේසුරිය මහතා විසින් මෙම අදහස්පල කලේ ඊයේ (15) කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි, පදනම් ආයතනයේ පැවති අලුත් ව්‍යවස්ථාවකට පෙල ගැසෙමු යන තේමාව යටතේ පැවැති සම්මන්ත්‍රණයේ දීය.

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය ඇතුලු සිවිල් සංවිධාන ගනනාවක් එක්ව පිහිටුවා ගනු ලැබූ අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ මංගල රැස්වීම සදහා කථිකාචාර්ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය, නීතීඥ ජේ සී වැලිඅමුණ, බ්‍රිටෝ ප්‍රනාන්දු, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, කේ.ඩබ්. ජනරංජන, ගාමිණී වියන්ගොඩ, ලූෂන් බුලත්සිංහල, උදේනි දිසානායක සහ සමන් රත්නප්‍රිය යන මහත්වරු අදහස් දැක්වූහ.

මෙම රැස්වීම සදහා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පිරිස් සහභාගී වී සිටි අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංග, අමාත්‍ය මංගල සමරවීර, සරත් පොන්සේකා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආසු මාරසිංහ ඇතුලු දේශපාලන පක්ෂ නියෝජතයින්ද මෙම අවස්ථාවට සහභාගී විය.


 




2017-03-16
Advertisement

Find us on Facebook