English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දට මංගලගෙන් පිළිතුරු !

මහින්දට මංගලගෙන් පිළිතුරු !

ලංකා ඉතිහාසයේ පළමු වරට රටේ ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් බිහි වූ සම්මුතිවාදී රජය සමස්ත ජනතාවම එකට එකතු කිරීමට ගන්නා පාරීශුද්ධ උත්සාහය ගැන කිසිසේත් සමාව ගත යුතු නැති බව සමරවීර මහතා සඳහන් කරයි.රාජපක්ෂ ජනාධිපතිවරයා කළ අයුරින් දැනට සිටිනා මෙන්ම දින ගත යුතු ජාත්‍යන්තර මිතුරන් පරම සතුරන් කර ගැනීමට වඩා වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල යහපත් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.එසේම දිගුකාලීන සාමය හා ස්ථාවරත්වය ඇති කර ගැනීමටත් දැඩි ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙලක් ඉදිරියට ගෙන යාමත් වෙනුවෙන් අප සමාව ගත යුතු නැති බවත් ලක් පුරවැසියන් මේ මොහොතේ ප්‍රතිසංස්කරණ,කල් පවත්නා සාමය,සමෘද්ධිය හා ස්ථාවරත්වය අපේක්ෂා කරන බවද හෙතෙම පෙන්වා දෙයි.

"අතීතයේ විදපු දුක් වේදනා අමතක කිරීමට හැකිවන්නේ ඒවා පිලිබඳ සොයා බලා විවෘතව කතාබහ කොට ඒ පිලිබඳ සිතා බැලීමෙන් සහ යුක්තිය ඉටුකිරීමෙන් මිස ඒවා සඟවා සදාකාලයටම වළ දැමීමෙන් නොවෙයි.සත්‍ය සොයා බැලීම,අපරාධයන්ට ලක් වුවන්ට හානි පුර්ණය වගේම යුක්තිය පසිඳලීම අත්‍යවශ්‍ය කාරණා.බරපතල අපරාධ ගැන රට අභ්‍යන්තරයේ යුක්තිය පසිඳලන්න අසමත්නම් පමණයි ජාත්‍යන්තර නීතිය අපට බලපාන්නේ.ඒ නිසා මානව හිමිකම් කොමිසමේදී යෝජනාව සඳහා සම අනුග්‍රහය දැක්වීම මඟින් වගවීම වෙනුවෙන් විශ්වාසනීය විදිහට ක්‍රියා කිරීමට හැකි බව මුළු ලෝකයා ඉදිරියේම පෙන්නුවා.

අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන්.ප්‍රති සන්ධානය මඟින් යහපත් ප්‍රථිපල අත්වන්නේ අපි හැමෝටම.විදේශ විනිසුරන් පිලිබඳ සංකල්පය හුදු අතිශයෝක්තියට නැගූ කාරණයක්.එමඟින් ජනතාව බරපතල ලෙස නොමඟ යැවිය හැකි බව හිටපු ජනාධිපතිවරයා හොදින්ම දන්නවා.එතුමාගේ කාලයේදී විවිධාකාර සංක්‍රාන්තිය යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයන් ක්‍රියාවට නැගීමට උත්සහ කළ බව අමතක කරන්න බැහැ. අතීතය හදිසියේ අමතක වී ආකාරයට මෙන් හිටපු ජනාධිපතිවරයා ජිනීවා යෝජනාව ඉතා අතාර්කික අන්තගාමි ආකාරයෙන් විග්‍රහ කර සමාජය බිය වද්දනවා.

හිටපු ජනාධිපතිවරයා සිතාමතා අමතක කරන කාරණය තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වාර්තා,කමිටු වාර්තා සියල්ල සැකසුණේ සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් කියන දේ.නමුත් 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාපු විදිහ කාටත් අමතක නැහැ.නිල කාල දෙකක් සේවය කරලා ජිවිත කාලයටම ජනාධිපති තනතුර රැක ගන්න තියෙන කෑදරකමට සංශෝධන වලටබලෙන් අනිත් අයගේ අත් ඔසවා ගත් විදිහ හැමෝටම මතකයි.

සංහිදියාව පිලිබඳ කාර්ය සාධක බලකාය සම්පුර්ණයෙන්ම ශ්‍රී ලාංකික ක්‍රියාදාමයක්.රාජපක්ෂ ආණ්ඩුව සමයේ විවෘතව අදහස් ප්‍රකාශ කරන්න බිය වුණ මිනිස්සු මෙතැනදී විවෘතව කතා කළා.ඒ අනුව වඩාත් ස්වාධීනව මහජන සහභාගිත්වයෙන් කටයුතු කරන්න සංහිදියාව පිලිබඳ කාර්ය සාධක බලකායට හැකි වුණා. එමඟින් ඉදිරිපත් කළ සියලු යෝජනා පිළිගන්නා බව හෝ සියල්ල ක්‍රියාත්මක කරන බව අදහස් වෙන්නේ නැහැ."

ඒ අනුව ජනවර්ග අතර බිය සැක හා භිෂණය වපුරමින් ඔවුන් බෙදා වෙන්කොට සිදු කරන ආණ්ඩු පාලනය තවදුරටත් හිමිකර දිය යුතු නැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

උපුටා ගැනීම - ලංකා නිවුස් වෙබ්




2017-03-16
Advertisement

Find us on Facebook