අලුත් ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද (15) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ වූ අවස්ථාවේ එහි පැමිණි හිටපු ජනපතිනියට ඇතුළත සිටි අයෙක් හූ කියමින් විරෝධය පළ කළේය. 

රාවය පුවත්පතේ කර්තෘ ජනරංජන මහතා මුල්ම දේශනය සඳහා නීතිඥ බිටෝ ප්‍රනාන්දු මහතාට ආරාධනය කළ අතර එවිටම හිටපු ජනපතිනිය එහි සම්ප්‍රාප්ත වුවාය. ඒ සමගම අයකු හූ හඬක් නැගූ අතර ඔහුට සභාවෙන් ඉවත්වන ලෙස ජනරංජන මහතා ඉල්ලීමක් කළද ඔහු වරින් වර හූ හඬ නැගීම නිසා සංවිධායකයන් විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූහ.

වේදිකාවේ කාන්තා නියෝජනයක් නැතිවීම සම්බන්ධයෙන් ද සභාවේ අය ප්‍රශ්න කිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

ඡායාරූප ඉසංක සුනිමල්

උපුටා ගැනීම - ලංකාදීප