English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලීසියට නැතුවම බැරි පොලිටික්ස් !


වර්තමානයේදි පොලිසිය නැමති ආයතනය තුළ සිදුවන උසස්වීම් සහ ස්ථාන මාරුකිරීම් සියල්ලක්ම දේශපාලනීකරණය වී ඇතැයි ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂය කියා සිටියි.

අද පොලීසිය තුළ සිදුවන උසස්වීම් මෙන්ම ස්ථාන මාරු ලැබීම් ද සිදුවනුයේ පොලිස් නිළධාරීන්ගේ දක්‍ෂතාවන් මත හෝ ඔවුන්ට එල්ලවන චෝදනාවන් මත නොව දේශපාලනඥයින්ගේ නිර්දේශ නැතහොත් රෙකමදාරු මත යැයි එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි රංගේ බංඩාර ප‍්‍රකාශ කළේය.

"අද පොලිස් නිළධාරිනුත් දේශපාලන ප‍්‍රකාශ කරනු ලබනවා. එසේ දේශපාලන ප‍්‍රකාශ නිකුත් කිරීම නීති විරෝධීයි." යැයි මාධ්‍ය අමතා ප‍්‍රකාශකළ රංගේ බංඩාර තවදුරටත් කියා සිටියේ , ඊළඟ මැතිවරණයේදි තමන් තරඟ කළහොත් ඡන්ද විශාල ප‍්‍රමාණයක් දිනාගත හැකිබව ඉහළ පෙළේ පොලිස් නිළධාරියෙක් මෑතකදි ප‍්‍රකාශකර තිබුණා යැයි කියමිනි.

එහෙත්, රංගේ බංඩාර මන්ත‍්‍රිවරයා කීවේ "එවැනි ප‍්‍රකාශ කරන්නට ඔහුට අයිතියක් නැහැ.”කියාය.
-MMP




2014-08-22
Advertisement

Find us on Facebook