English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අත්හැරදමා ඇත
ආණ්ඩුව පැහැදිළිවම තමන්ගේ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අත්හැරදමා ඇති අතර ප‍්‍රධානම කාරණය බවට පත්කරගෙන ඇත්තේ ආර්ථීක කාරණයට බරදී ජනතාවට රැුකියා ටිකක් ලබාදී 2020 වන විට තමන්ගේ දේශපාලන න්‍යයා පත‍්‍රය සකස්කර ගැනීමේ කාර්ය භාරය යැයි වමේ කේන්ද‍්‍රයේ සමකැඳවුම්කරු චමීර පෙරේරා අයිතියට ප‍්‍රකාශ කළේය.


චමීර පෙරේරා

මෙම ක‍්‍රියා පිළිවෙතම මහින්ද රාජපක්‍ෂත් පසුගිය දශකය තුළත් අවසාන කාලය තුළත් දරපු ස්ථාවරය බව සඳහන් කරන චමීර, මිනිස්සුන්ට රැකියාවල් ලබාදෙමින් හෝ මිනිස්සුන්ට ප‍්‍රමෝධය ලබාදෙමින් අධිවේගි මාර්ග හෝ් වරායවල් ලබාදෙමින්, මිනිස්සුන්ගේ දේශපාලන ජීවිතය යටපත් කළ බවත්, මෙකී දේ්ශපාලන යටපත් කිරීමට එරෙහිව 2015 ජනවාරි 08 වෙනිදා මෙරට පුරවැසියෝ මේ රටේ මේ දේ්ශපාලන පෙරළිය ඇතිකළ බව සිහිපත් කළේය.
 
"නමුත් යහපාලන ආණ්ඩුවේ මේ භුමිකාව, අපිට පෙන්වන්නේ නැවත වතාවක් මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනය හෝ පරාජයට පත්කළ ඒ දුෂ්ට බලවේග ඉදිරියට ඒම සඳහා අවස්ථා සළසා දෙන බවයි." යැයි ඔහු කීහ.

"හොඳම උදාහරණය ලෙසට ආණ්ඩුව භාරගෙන තිබෙනවා, මහින්ද රාජපක්‍ෂට එරෙහිව මෙරට ජනතාව නැගී සිටපු ආර්ථීක වැඩපිළිවෙළක්වන භුමිය නැතිනම් පරිසරය විනාශ කිරීමේ ව්‍යාපෘතිය. ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂටත් එහා ගිහිං හම්බන්තොටින් අක්කර 15000 ක් හා තවත් ඉඩම් ලබාගැනිමේ ව්‍යාපෘතියක් කරගෙන යනවා. මේ විධියේ භුමිය හා පරිසරය විනාශ කිරිමට එරෙහිව එදා ජනතාව බරපතල විරෝධයක් දැක්වුවා. ආණ්ඩුව ඒ කාරණය භාරගෙන තිබෙන විට මහින්ද රාජපක්‍ෂ විරෝ්ධය භාර අරගෙන තිබෙනවා. ඒ කියන්නේ අපි තවදුරටත් අපේ දේශපාලනය අත්හැරියාම අවස්ථාවාදී විධියට මහින්ද රාජපක්‍ෂ පාර්ශවයට පුළුවන්වෙලා තිබෙනවා ඒ දේශපාලන විරෝධය අතට ගන්න. ඉන් එහාට ගිය ආණ්ඩුව, රනිල් වික‍්‍රසිංහ ප‍්‍රමුඛ ආණ්ඩුව දැන් කියනවා තවදුරටත් දැන් කොළඹ නගරය තුළ විරෝධය පාන්නට දෙන්නේ  සථාන දෙකක දී  පමණයි කියලා." යැයි චමීර පෙරේරා ප‍්‍රකාශ කළේය.

"ආණ්ඩුව හොඳාකාරවම දන්නවා ඉදිරියේ්දි මහජන විරෝධයක් එල්ල වෙනවා කියා. එසේ විරෝධයක් එල්ල වෙනකොට මහින්ද රාජපක්‍ෂ අනුගමනය කරපු ඒ මර්ධනීය න්‍යාය, යහපාලන ආණ්ඩුව අනුගමනය කරන්න සුදානම් බව පෙනෙන්න තියෙනවා. " යැයි චමීර පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.

සටහන සහ ඡායාරූපය -  මෙලනි මානෙල් පෙරේරා



2017-01-31
Advertisement

Find us on Facebook