English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ගෘහමූලික කාන්තාවන්ට කඩිනම් ආර්ථීක ශක්තියක් අවශ්‍යයි!
 
නැගෙනහිර පළාතේ යුද්දයෙන් පීඩාවට පත්ව වැන්දඹු භාවයට පත් මව්වරු කිහිප දෙනෙකුම දරිද්‍රතාවය දරාගැනීමට නොහැකිව යැපුම් මාර්ගයක් ලෙසට ගණිකා වෘත්තිය තෝරාගෙන ඇති බව නැගෙනහිර පළාතේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගයක් අයිතියට ප‍්‍රකාශ කළා.

ඔවුන් වෙනුවෙන් ආර්ථීක වැඩසටහනක් හෝ යැපුම් මාර්ගයක් සොයා දෙනු වෙනුවට පිළිගත නොහැකි ආකාරයේ අවධානම් සහිත මෙවැනි  වෘත්තීන් වලට යොදවා ගැනීම සිදුකර ඇත්තේ ද මිනිසුන් වෙනුවෙන් සේවය ිරීමට යැයි කියමින් දේශපාලනයට පිවිසුණු දේශපාලන චරිත විසින් ම යැයි සඳහන් කළ එම ආරංචි මාර්ගය, යුධ වැන්දඹු කාන්තාවන් හට කඩිනමින් පිළිසරණක් නොවුවහොත් ඔවුන්ගේ අනාගතය තව තවත් අඳුරු වී සමාජයට ඔවුන් බරක් මෙන් ම විවිධ සමාජ ප‍්‍රශ්න ද උද්ගතවීමට අවකාශ සැළසෙනු ඇතැයි සඳහන් කළේය.

සිය  දරුවන්ගේ කුසගින්න නිවා දැමීමට හා පාසැල් අවශ්‍යතා සඳහා මිළ මුදල් සොයාගැනීම සඳහා මෙම කාන්තාවන් මෙකි වෘත්තියෙහි යෙදෙන අතර, ඔවුන්ගේ සේවාවන් ලබාගැනීම සඳහා මුස්ලිම් මිනිස්සුන් මෙන්ම ආරක්‍ෂක අංශයේ සේවයෙහි නිරත පුද්ගලයින් ද ඉතා රහසිගතව , සැළසුම් සහගත ලෙසට මෙම කාන්තාවන් පාවිච්චි කිරිමෙහි නිරතව සිටින බව පෙන්වා දුණි.

එහෙත් මෙකී කාන්තාවන් සම්පුර්ණ කැමැත්තෙන් මෙම වෘත්තිය තෝරාගෙන නොමැති බවත් ජීවිත් විමට විකල්පයක් නොමැති බැවින් මෙවැනි තත්ත්වයකට යොමුවී ඇතැයි එම ආරංචි මාර්ගය වැඩිදුරටත් සඳහන් කළා.
 
පිංතුරය -  අන්තර්ජාලය
-    මෙලනි



2017-01-30
Advertisement

Find us on Facebook