English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අමාත්‍යංශය සමඟ සෙල්ලං කරන විදුහල්පතිවරු - ඇමති පියවර ගතයුතුයි!
යු.එල්.එස්. නිර්මලී

රජයේ පාසැල්වලට ළමුන් ඇතුලත්කර ගැනීමේදි අනුගමනය කළ යුතු නීති රීති ඇතුලත් චක‍්‍රලේඛ අභිබවා ගොස් තමන්ට රිසි සේ පත්කරගත් කමිටු හරහා ළමුන් පාසැලට බඳවාගෙන සියලූ සුදුසුකම් සපුරා සිටින තම දරුවාට වසර දෙකක් පාසැල් අධ්‍යාපනය අහිමි කළ විදුහල්පතිවරුන්ට එරෙහිව අධ්‍යාපන ඇමතිතුමා පියවර ගතයුතු බවත් මේ වසරේදීවත් අදාළ පාසැලට තම දරුවාව (ෂෙෆාන් ෂානිල්) ඇතුලත් කිරීමට අවශ්‍ය අනුමැතිය ලබාදිය යුතු යැයි හලාවත ආනන්ද මාවතේ පදිංචි පැමිණිලිකාර යු. එල්.එස්. නිර්මලී මානව හිමිකම් මධ්‍යස්ථානයේදි ඊයේ ප‍්‍රකාශ කළේය.

2015 වසරේ දී හලාවත ආනන්ද පාසැලේ පළමු වසරට දරුවා ඇතුලත්කර නොගැනීම සම්බන්ධයෙන් හලාවත ආනන්ද මාවතේ පදිංචි යු.එල්.එස්. නිර්මලී යන අය විසින් කොළඹ මානව හිමිකම් කොමිෂමේ දමා තිබු අංක එච්.ආර්.සී 2228/16  යන මුලික අයිතිවාසිකම් පැමිණිල්ල අවසන් වරට ඊයේ එනම් ජනවාරි 27 වෙනිදා කාමර අංක 01දී විභාග කෙරිණි.

අදාළ පරීක්‍ෂණය සඳහා පැමිණිළිකාර පාර්ශවය වන යු.එල්.එස්. නිර්මලී සහ පළමු වගඋත්තරකරු ආනන්ද විදුහලේ වර්තමාන විදුහල්පති දෙවන හා තෙවන වගඋත්තරකරුවන් වන ආනන්ද විදුහලේ හිටපු විදුහල්පති සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති සහභාගි වු අතර සිව්වන වගඋත්තරකරු වන අධ්‍යාපන අමාත්‍යංශය පැමිණ නොසිටියහ.

පැමිණිල්ල පිළිබඳව පිළිතුර කුමක් දැයි පරික්‍ෂණය මෙහෙයවු කොමසාරිස්වරයා විසින් විමසු විට ළමුන් ඇතුලත් කිරිමේදි අනුගමනය කරනු ලබන නීති රීතිවලට අනුකූලව , ප‍්‍රදේශයේ අනෙකුත් පාසැල් ද ක‍්‍රියාත්මක කරන ආකාරයට හා අධ්‍යාපන අමාත්‍යංශයේ චක‍්‍රලේඛණයට අනුකූලව ඔවුන් විසින් පත්කළ කමිටුවක් හරහා ළමුන් ඇතුලත් කරගැනීම සිදුකර ඇති බවයි වගඋත්තරකරුවන් විසින් ප‍්‍රකාශ කළේය.

එමෙන්ම, වගඋත්තරකරුවන් විසින්  දිගින් දිගටම කියා සිටියේ දරුවා වෙනත් පාසලකට දමන ලෙසටත් පුරප්පාඩුවක් ඇතිවුවහොත් හලාවත ආනන්ද පාසැලට ඇතුලත්කර ගැනීම පිලිබඳව සළකා බැලිය හැකි බවයි.

එහෙත්, පැමිණිලිකාරිය විසින් එම කරුණු හා යෝජනාව දැඩි සේ ප‍්‍රතික්‍ෂේප කළ අතර සියලූ සුදුසුකම් සපුරා තිබෙන තමන්ගේ දරුවා හලාවත ආනන්ද පාසැලට ඇතුලත් කරනොගැනීම වගඋත්තරකරුවන් විසින් සිදුකළ අපරාධයක් බවත් කුමන නීතී රීති තුළ වුවද තමන්ගේ දරුවාට හිමි විය යුතු පාසැල ආනන්ද පාසැල බව පැහැදිළිව ඔප්පු වන බවත් එබැවින් තවදුරටත්  ප‍්‍රමාධ නොවී එම පාසැලට දරුවා ඇතුලත් කරගත යුතු බව අවධාරණය කළේය.


අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත්කර ඇති චක‍්‍රලේඛණ වලට පිටුපා තමන්ට කැමති ආකාරයට ළමුන් බඳවා ගැනීමට පියවර ගතනොහැකි බව ද විදුහල්පතිවරුන් වෙත පැහැදිළි කළ කොමසාරිස්වරයා මෙම පැමිණිල්ල සමතයකට පත්කරගන්නා ලෙසට දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටී අතර විදුහල්පතිවරුන් පුන පුනා කියා සිටියේ දරුවාව වෙනත් පාසැලකට දමන ලෙසටත් පුරප්පාඩු ඇතිවුවහොත් සළකා බැලිය හැකි බවය.

එහෙත්, පැමිණිලිකාරිය විසින් එම යෝජනා දැඩිසේ ප‍්‍රතික්‍ෂේප කළ අතර ය  පැහැදිළි කළ සියලූ කරුණු කාරණා සහ වගඋත්තරකරුවන් විසින් සැපයු පිළිතුරු සහ කරුණු ඉතා හොඳින් සැළකිල්ලට භාජනය කළ පරික්‍ෂණය මෙහෙයවු කොමසාරිස්වරයා විසින් වගඋත්තරකරුවන්ගේ පාර්ශවයෙන් වරදක් සිදුවී ඇතිබව පැහැදිළිව පෙනෙන්නට ඇති හෙයින් අධ්‍යාපන අමාත්‍යංශය හා සම්බන්ධවී මෙම දරුවා හට හලාවත ආනන්ද පාසැල ලබාදීම පිළිබඳව තීරණය කුමක්ද කියා මෙදින සිට සති 02 ක් ඇතුලත මානව හිමිකම් කොමිෂමට වාර්තාකරන ලෙසට වගඋත්තරකාර විදුහල්පතිවරුන් වෙත දන්වා සිටියේය.

සැබැඳි පුවත් - 

අධ්‍යාපන ඇමතිතුමෙනි වැරැද්ද කාගේ ද ? කොතැන ද ?
    2016-12-02


පාසැලට ඇතුලත්කර නොගැනීමේ පරීක්‍ෂණ ආරාම්භ කරයි !   
 2016-10-04 


සටහන - ඡායාරූප   -  මෙලනි මානෙල් පෙරේරා



2017-01-28
Advertisement

Find us on Facebook