English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


2017 දී ම උතුරට විසඳුම් ඕනේ - විපක්‍ෂ නායක
මේ වසර අවසන් විමට පෙර යුධ සමයේදි රජයේ හමුදාවන්ට භාර වු දමිළ පුරවැසියන් පිළිබඳව රජය නිසි පිළිතුරක් ලබා දිය යුතු බවත් සංහිදියාව පිළිබඳ ක‍්‍රියාකිරිමට නම් සත්‍ය අවබෝ්ධකර ගැනීම තුළින් පමණක් මෙරට සංහිදියාව, සහජීවනය ඇතිකරලිය හැකි යැයි විපක්‍ෂ නායක ආර් සම්බන්ධන් ප‍්‍රකාශ කළේය.


 
උතුරේ දමිළ ප‍්‍රජාව එදා ඉදිරිපත් වුණු මැතිවරණ පොරොන්දු ඒ ආකාරයෙන් ම තවමත් ඉටු නොවුණු පසුබිමක ජිවත් වෙති. ඒ අතර, වරින් වර හිමිකම් නොලැබීම පාදක කරගෙන නොයෙකුත් නොසන්සුන් කලබලකාරි තත්ත්වයන් ද මතු වෙමින් පවතියි. ඒ අතර යුධ සමයේදි රජයේ හමුදාවන් වෙත භාරවීමෙන් අනතුරුව අතුරුදහන්වු පුද්ගලයින් සම්බන්ධයෙන් රජය නිසි පිළිතුරක් නොදීම සම්බන්ධයෙන් වරින් වර දමිළ ජන පීඩාවන් මතුවෙයි. අතුරුදහන්වීම් වලට මුහුණ දී සිටින උතුරේ මව්වරු පිරිසක් පසුගිය දා මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර රාජ්‍ය මැදිහත්වීම තුළින් එය තාවකාලිකව නිමා විය. එහෙත් තාවකාලිකව අත්හල එම මාරාන්තික උපවාසයේ හේතුවට රජය පිළිතුරක් දිය යුතුව ඇත.

2017 වසර නිමවීමට ප‍්‍රථමයෙන් උතුරේ දමිළ ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් අවශ්‍ය යැයි විපක්‍ෂනායකවරයා ප‍්‍රකාශකර තිබුණේ ඊයේ එනම් 26 වෙනිදා, යාපනය දිස්ත‍්‍රික් දිසා ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දි විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් විවෘත කිරිමේ අවස්ථාවේදිය.

දෙමළ ජනතාවගේ ස්වෛරීභාවයට හානි සිදුනොවන ආකාරයෙන් බලතල විමධ්‍යගත කළ යුතු බවත් ඒතුළින් දෙමළ ජනතාවට සම අයිතින් භුක්තිවිඳීමට ඉඩකඩ සැළසිය යුතුබවත් පොරොන්දු ඉටුකරමින් සත්‍යය අවබෝධ කරගැනීම තුළින් පමණක් මෙරට සංහිදියාවත් සහජීවනයත් උදාකර ගතහැකි බව, උතුරේ මහ ඇමති සි වී විග්නේශ්වරන්, විදේශ ඇමති මංගල සමරවීර, ඇමති රිෂාර්ඞ් බදුර්දීන් සහ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා යන දේශපාලනඥයින් ඉදිරියේ විපක්‍ෂනායකවරයා ප‍්‍රකාශ කළ බව උතුරේ ආරංචි මාර්ග වාර්තා කළේය.

-    මෙලනි



2017-01-27
Advertisement

Find us on Facebook