English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


BBC ය සහ FMM ව පටලවන්නට මාන බලන්නේ කවුද ? කුමට ද ?


"එ්ක අභිරහසක්. කිසිසේත්ම මගේ මිත‍්‍රයා, සුනිල්ට එවැනි මරණ තර්ජනයක් තබා කුමන ආකාරයකවත් තර්ජනයක් කරන්නට මා හට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. හිනා යන වැඩක්, නමුත් හරිම බරපතලයි. කවුද ? මොනවටද මේ එන්න හදන්නේ ? මගේ ජංගම දුරකථනයේ අංකය භාවිතා කරමින් මේ වැඬේ කළේ කවුද ? මෙහි යටි අරුත කුමක් ද යන්න උභතෝකෝටික ප‍්‍රශ්නයක්."

"ඔව්! කඩිනමින් සොයාගත යුතු සහ විසඳාගත යුතු ප‍්‍රශ්නයක් ? මරණීය තර්ජන එල්ල කිරීම යන වගන්තියේ යටි අරුත කුමක්ද ?" යැයි බීබීසී සංදේශයේ රතුගමගේ මෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර ද කල්පනාකරයිි.

මරණිය තර්ජන එල්ල කරමින් ඩයලොග් සම්බන්ධතාවය සහිත ජංගම දුරකථනයකින් පසුගිය මාසයේ සිට ලැබෙන ඇමතුමක් පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුමිකරු සුනිල් ජයසේකර මහතා තලංගම පොලිසියේ පැමිණිල්ලක් දමා ඇත.

එම පැමිණිල්ල විභාගකරන තලංගම පොලීසිය, උසාවි නියෝගයක් ගනිමින් මරණිය තර්ජන සිදුකළ ඩයලොග් සම්බන්ධතාවයේ අනන්‍යතාවය විමර්ශනයකර ඒ හා අදාළ පුද්ගලයා තලංගම පොලීසියට ඉදිරිපත්කරවන ලෙසට වව්නියාව පොලිසියට දන්වා ඇත. 

ඒ අනුව ක‍්‍රියාත්මක වු වව්නියාව පොලිසිය, බීබීසි සංදේශයේ වව්නියාව වාර්තාකරු දිනසේන රතුගමගේ මහතා සොයා ඔහුගේ නිවසෙට ගොස් ඇති අතර, ඒ දිනවල තම දියණියගේ උසස්පෙළ විභාගය හේතුවෙන් දිනසේන රතුගමගේ නිවෙසින් බැහැරව සිට ඇත.

"මම ගෙදර පැමිණිවිට මේ සම්බන්ධව දැනගන්නට ලැබුණා. සුනිල්, වසර 30ක පමණ මගේ මිත‍්‍රයෙක්. මාධ්‍ය වෘත්තිය තුළ අප දෙදෙනාටම තර්ජන තිබෙනවා. සුනිල් වෙත එවැනි මරණ තර්ජනයක් හෝ වෙනත් කිසිම ආකාරයක තර්ජනයක් කරන්නට මට කිසිම හේතුවක් නැහැ. කිසිසේත්ම අවශ්‍යතාවයකුත් නැහැ."

දිනසේන රතුගමගේ ප‍්‍රකාශ කරන පරිදි, අර්බුදයට ලක්වු ඩයලොග් සම්බන්ධතාවයේ අංකය සුනිල් ජයසේකර සතුව නොමැත. ඔහු සතුව ඇත්තේ දිනසේනගේ වෙනත් ජංගම සම්බන්ධතා අංකයකි. උද්ගතවු කලබලකාරි අවස්ථාව සමගින් දිනසේන රතුගමගේ සුනිල් ජයසේකරට ඩයලොග් සම්බන්ධතාවය ඔස්සේ ඇමතු විට ඔහු ප‍්‍රකාශකර ඇත්තේ "ඔය නම්බර් එකෙන් තමා මට මරණ තර්ජන සිදුකළේ" කියාය. 

දිනසේනට හා සුනිල්ට අනුව, ඔවුන් මිත‍්‍රයන් ලෙසට මෙම අර්බුයට ඉදිරියක් නොමැත. මන්ද ඔවුන් එකිනෙකා දන්නා නිසාත් එවැනි මරණ තර්ජන හෝ වෙනත් තර්ජන කරන්නට ඔවුන් අතර එවැනි පරිසරයක් නොමැති නිසාය.  

එහෙත්, එය විශාල පේ‍්‍රහෙළිකාවක් බව ඔවුන් පවසයි. "කුමක් කරන්නට කවුද මෙසේ අර අඳින්නේ ? තලංගම පොලිසියේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්‍ෂණය නිම වු විට රහස් පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා මේ පේ‍්‍රහෙළිිකාව සම්බන්ධයෙන්."යැයි අවසාන වශයෙන් දිනසේන රතුගමගේ අයිතියට ප‍්‍රකාශ කළේය.

මෙවැනි අතීශය රහසිගත දේ කිරීම සඳහා තාක්‍ෂණයෙන් දියුණු නවීන ක‍්‍රම පිළිබඳව ශිල්පීය ඥාණය සහිත ශීල්පීන් ද උපාංග ද අවශ්‍යය. එමෙන්ම ඒ සඳහා බලයක් රැකවරණයක් අවශ්‍යය. එවැනි සම්පත් උපයෝගිකර ගනිමින් වර්තමාන ලංකාවේ රහසිගත එවැනි දැ සිදුකළ හැක්කේ කාටද ?

-MMP




2014-08-21
Advertisement

Find us on Facebook