English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විදුලිය පාවිච්චිය පරිස්සමෙන් - ජනපතිගෙන් පුරවැසියන් වෙත

ශ‍්‍රි ලංකාව තුළ ඉදිරියේදි ඇතිවිය හැකි නියං තත්ත්වය හමුවේ විදුලිබලය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් හටගැනීමට ඉඩ ඇති බව පෙන්වා දෙන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දැන් සිටම විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම සියලූදෙනාගේ ම වගකීමක් බව කියා සිටියි.


එබැවින් , ප‍්‍රචාරණ සහ අලංකරණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන විදුලි පහන් නිවා දමමින් විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නට සහය ලබාදෙන ලෙසට පෞද්ගලීක ව්‍යාපාර හා ආයතන වලින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියි.

විදුලි බලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසට ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත‍්‍රිපාල විසින් නිකුත් කරඇති ලිපියේ මෙසේ ද සඳහන් වෙයි, ප‍්‍රචාරණය සඳහා භාවිතයට ගන්නා දැන්වීම් පුවරු සහ අනෙකුත් අලංකරණ විදුලි පද්ධති සඳහා විදුලිය විශාල වශයෙන් වැයවෙන අතර එය සීමා කිරීම තුළින් රටේ විදුලි පාරිභෝජනයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙයි.

නියං තත්ත්වය පහව යන තුරු විදුලිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳව ගෙන යන  වැඩපිළිවෙළට සහයෝගයක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් සියලූම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

-    මෙලනි




2017-01-21
Advertisement

Find us on Facebook