English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත වික‍්‍රමතුංග සහ ජෙනරාල් ෆොන්සේකා

සන්ඬේ ලීඩර් පුවත්පතෙහි කතුවරයාවු ලසන්ත වික‍්‍රමතුංග ගේ ඝාතනය සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කරගැනීම සඳහා ඊයේ එනම් සිකුරාදා පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් කැඳවනු ලැබූ බවත් එහිදි දීර්ඝ වේලාවක් කරුණු විමසු බවත් ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළේය.

වත්තල ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගිවෙමින් සිටි ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා තවදුරටත් ප‍්‍රකාශ කළේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වන කාලවකවානුව තුළ එවකට හිටපු යුධ හමුදාපති වරයා වශයෙන් , කොළඹදී සිදුකළ මෙහෙයුම් සම්බන්ධයෙන් තමන්ගෙන් දීර්ඝ වේලාවක් කරුණු විමසූ බවයි.

හමුදාවේ බුද්ධි අංශය රාජකාරි මට්ටමෙන් කළ කටයුතු සම්බන්ධයෙන් හැර ශ‍්‍රි ලංකාවේ සිදුවන අපරාධ පිළිබඳව විමසා බැලීමට හමුදාපතිවරයාට වගකීමක් පැවරී නැති බව ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

පැය පහක් පමණ කාලයක් තුළ පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළ හිදිමින් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු සැපයු බව ඔහු කීහ.

පිංතුරය  -  ද  සන්ඩෙි ලීඩර්
-    මෙලනි



2017-01-21
Advertisement

Find us on Facebook