English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණය දෙසින් කොළ එළියක් - රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යශ්ථානය!

තම ආයතනය මානව හිමිකම් ක්‍ෂේත‍්‍රය තුළ දීර්ඝකාලිනව කටයුතු කරමින් සිටිය ද පසුගිය වසර දෙකක කාලසීමාව දී පමණක් තම ආයාතනයේ මැදිහත්වීම මත ඉදිරිපත් කළ නඩු 06ක් දිනා ගැනීමට හැකි වු බවත් අධිකරණ පද්ධතිය යම්කිසි ස්වාධින මට්ටමකින් ක‍්‍රියාත්මක වීම තුළ එහි ප‍්‍රතිඵල භුක්ති විඳින්නට හැකියාව ලැබී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යශ්ථානයේ විධායක අධ්‍යක්‍ෂක පිලිප් දිසානායක ප‍්‍රකාශ කළේය.

ඔහු මෙසේ ප‍්‍රකාශ කළේ මේ මස 15 වෙනිදා හම්බන්තොට එක්කස්ස බහු කාර්ය මධ්‍යස්ථානයේ දි "ජාතික සමගිය හා සංහිඳියාව නව ව්‍යවස්ථාව තුළින් ගොඩනගමු" යන මැයෙන් පැවති සංවාද මණ්ඩපය අමතමින් ය.

"1978 ව්‍යවස්ථාවේ තිබුණු බලතල සෑහෙන ප‍්‍රමාණයකට සීමාකිරීම සඳහා 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. මේ සංශෝධනය ගෙනාවේ ඉතාමත් ම අපහසුතාවයෙන් , පාර්ලිමේන්තුව තුළ ඇතිවුණු විවිධ වාධ විවාධ මද්ධ්‍යයේ  154 වතාවක් සංශෝධනයට භාජනය වෙලා ඉතාම අසීරුවෙන් ගෙනා 19 වෙනි ව්‍යවස්ථාව තමයි අපිට දැන් ලැබිලා තිබෙන්න. මේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් ඇති වුණු ප‍්‍රතිඵල අපි දැන් චුට්ට චුට්ට භුක්ති විඳිනවා." යැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යශ්ථානයේ විධායක අධ්‍යක්‍ෂක පිලිප් දිසානායක ප‍්‍රකාශ කළේය.


පිලිප් දිසානායක

වසර 15කට ආසන්න කාලයක් තුළ මානව හිමිකම් ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරි සංවිධානයක් ලෙසට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කරන බව පැවසූ පිලිප් දිසානායක, පසුගිය වසරේ පමණක් තම සංවිධානයේ මැදිහත්වීම් මත ඉදිරිපත් කළ නඩු 06ක් දිනා ගැනීමට හැකි වු බව ප‍්‍රකාශ කළේය.

මෑතකදි ම ලැබු ජයග‍්‍රහණය නම් බදුල්ල කන්දෙකැටියේ සඳුන් මාලිංග ඝාතන නඩුව ජයගැනිම බව කී පිලිප් දිසානායක, එවකට අවුරුදු 17ක් වු සඳුන් මාලිංග ඝාතන කිරීම සම්බන්ධයෙන් කන්දෙකැටිය පොලීසියේ අදාළ නිළධාරින් 06 දෙනෙකුට මරණ දණ්ඩනය හිමි වෙමින් නඩු තීන්දුව ලැබුණු මුත්, තම ආයතනය මගින් මීට වසර දහයකට එහා ඉදිරිපත්කර තිබෙන ඇතැම් නඩු තවමත් විභාග වෙමින් පවතින බව කීහ.

එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් මාස තුනක් ඇතුලත විභාගකර නිමකළ යුතු යැයි 77 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන්වි තිබෙන බව ප‍්‍රකාශකළ ඔහු, අතීතයේදි එසේ වුවාදැයි නොදන්නා මුත් මතක අති කාලවකවානුවකදි මෙසේ මාස තුනක් ඇතුලත කිසිම නඩු විභාගයක් නිම නොවුණි යැයි ප‍්‍රකාශ කළේය.

ස්වාධීන කොමිෂන් සභා 09ක් තිබුණි ද ඒවා අක‍්‍රිය තත්ත්වයේ පැවති බවත් පසුව 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා ස්වාධින කොමිෂන් සභා 10ක් ස්ථාපිත කළ බවත් ඒවා ස්වාධීන පුද්ගලයින් හරහා යම්කිසි ආකාරයකට ක‍්‍රියාත්මක වෙමින් පවතින බවත් පිලිප් දිසානායක පැවසීය.

අධිකරණ කොමිෂන් සභාව ද සෑහෙන ප‍්‍රමාණායකට ස්වාධීන වී ඇති බව පැවසූ ඔහු, ඒ ස්වාධීනත්වයේ ප‍්‍රතිඵලයක් ලෙසට අධිකරණයෙන් කොළ එළියක් නිකුත්වෙන බවත්  එහි ප‍්‍රතිඵල දැන් භුක්ති විඳින බවත් පැවසීය.



වසර දෙකක පසුගිය කාලසීමාව තුළදී වැදගත් නඩු ගණනාවක් විභාග වෙමින් නොසිතපු පුද්ගලයින් හට නොසිතපු ආකාරයෙන් මරණීය දණ්ඩනය ලැබුණු බව පෙන්වා දුන් ඔහු, එහෙත් අධිකරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් නිසි ලෙසට ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ද ඔවුන්ට මෙන්ම සිවිල් සමාජයෙන් ද යම් යම් විවේචන තිබෙන බව කීහ.
   
"මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ජනමත විචාරණයකින් තොරව, කළ හැකි උපරිම ප‍්‍රතිසංස්කරණ ටික තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කරලා තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා මෙතැනින් එහාට යනවානම් ජනමත විචාරණයකට යන්න, මෙතැනින් එහාට ඔවුන්ට අවසරදීමකට හැකියාවක් නැහැ කියලා. මේ 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයටත් විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 09ක් තිබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියා තමන්ගේ බලයට හානිවන ආකාරයේ තීන්දු තීරණ 19 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැති නිසා එය පිළිගන්නට සිදුවෙනවා, මෙතැනින් එහාට මෙම සංශෝධනය සම්බන්ධ කිසිම සංස්කරණයක් කළ නොහැකි යැයි ඔවුන් කියා සිටියා. ඒ නිසා අපිට සිද්ධවෙනවා අපිට අවශ්‍ය කරන සංශෝධන ඇතුලත් කරලා අලූත් ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවෙන් සම්මතකරගෙන ජනමත විචාරණයකින් ඊට අනුමැතිය ලබාගන්න." යැයි පිලිප් දිසානායක වැඩිදුරටත් පැවසීය.


පිංතුර සහ මුලාශය  -  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යශ්ථානය
සටහන  මෙලනි



2017-01-20
Advertisement

Find us on Facebook