English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඔිනෑම ඡන්ද විමසීමක් නියමිත දින පැවැත්විය යුතුම ද ?

අපි ඔය ගැන කියලා ඉවරයි. බැලට් වෙනුවට බුලට් එපා.

ඔිනෑම ඡන්ද විමසීමක් නියමිත දින නොපැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානියක් බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවන ඒ හානිය නිසා සර්වජන ඡන්ද බලය පිළිබඳව මහජනයා තුළ විශ්වාසය කඩවීමෙන් ඇතිවන ප‍්‍රතිඵලය බියකරු බවත් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

"අපි ඒක අත්දැකලා තියෙනවා. දිස්ත‍්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීම 1981 මැයි මාසේ දී පැවතුණු විටදි ඇති වුණු ඒ ප‍්‍රතිඵලය බියකරු බව ශ‍්‍රි ලංකාව වටහා ගත්තා. ඒ නිසා බැලට් කියන එක ගැන තිබෙන විශ්වාසය නැතිවෙලා බුලට් කියන තත්ත්වයට මහජනයා යොමුවෙන්න පටන් ගත්තා." යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වු මැතිවරණ කොමසාරිස්වරයා , දැනටමත් ඡන්දපොල සියල්ල පිළිබඳව තීරණය කර ඇති  බවත් ඉදිරියේ දිනකදී අදාළ එම චක‍්‍රලේඛය නිකුත්කරන බවත් පැවසීය.
   
එකඟතාවයකට පත්වු දේ එකඟතාවය ඇතිකරගත් ආකාරයට ඉෂ්ට සිද්ධ කිරීම , ඡන්ද විමසීමකදී පමණක් නොව  ඕනෑම දෙයක් පිළිබඳව පැවතිය යුතුව ඇති මූලික මෙන් ම එකම සිද්ධාන්තය විය යුතුය.

විශේෂයෙන් ම, මැතිවරණයකට පෙර බලය ලබාගැනීම සඳහා "කැම්පේන්ග්" කාලසීමාව තුළදි දේශපාලනඥයින් විසින් ඉදිරිපත් කරනු ලබන "පොරොන්දු" ද ඒ ආකාරයෙන් නියමිත කාල වකවානුවලදි ඉෂ්ට කිරීම තුළ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂාවීම" ගැන කරදර විය යුතු නැත. නමුත්, ඒ පොරොන්දු මතින් බලයට පත්වන ඔවුන්, පොරොන්දු වන ආකාරයෙන් ම, ඒ ඒ පොරොන්දු ඉටු කිරීමට වගබලා නොගැනීම තුළ නැතහොත් ඔවුන් බලයට පත්කරවන්නාවු සිවිල් ජනතාව ගොනාට ඇන්දවීම තුළ, ඔවුන්ට කොකා පෙන්වීම තුළ, රටතුළ නිරන්තර අරගල පැවතීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. බැරිම තැන, අවසානයේදි මෙම අරගල, මැතිවරණ කොමසාරිස්වරයා කියනා පරිදි, බැලට් එක පසෙක තබා බුලට් එකට යොමුවන්නට පටන් ගැනීම අතීශය බියකරුය.  ජනතාව අමාරුවෙන් පත්කරගත් යහපාලන ආණ්ඩුවට මෙකී "ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගැනීමට" තවමත් වේලාව ඇත.
 
සටහන -  මෙලනි
පිංතුරය  -  අන්තර්ජාලයෙන්



2017-01-18
Advertisement

Find us on Facebook