English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කාන්තා ශ්‍රමිකයන් නොසලකා හැරලා

විදේශ විනිමය වැඩිපුරම රටට ගේන විදෙස්ගත ශ්‍රමිකයන්, වතු කම්කරු කාන්තාවන්, වෙළඳ කලාපවල සේවය කරන තරුණියන් නොසලකා හැර ඇති බව නිදහස උදෙසා කන්තා ව්‍යාපාරය පවසයි. එම සංවිධානය, ශ්‍රමය වගුරුවන කාන්තාවන් නොසලකා හැරීමට විරෝධය පළකරමින් අද (17) කොළඹ කොටුවේ විරෝධතාවයක නිරත විය.
එම සංවිධානයේ ජාතික සංවිධායක හේමමාලි අබේරත්න මහත්මිය පෙන්වා දුන්නේ විදෙස් ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා සති ගණන් විදෙස් රටවලට ගොස් සාකච්ඡා පවත්වන ආණ්ඩුව විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි. මැද පෙරදිග ඇතුළු විදෙස් රටවල සේවයේ නියුතු කාන්තාවන් විවිධ අතවරවලට, අඩත්තේට්ටම්වලට ලක්ව ඇති බවත් එහෙත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට රජය කිසිදු උත්සාහයක් නොගන්නා බවත් ඇය පවසයි.
 


මෙහිදී අදහස් දැක්වූ විදෙස්ගතව සේවය කරන කාන්තාවකගේ ස්වාමියා වන ප්‍රියදර්ශන් මහතා පවසන්නේ සිය බිරිඳ විදෙස්ගතව මාස 9 ක් පමණ වන බවයි. එහෙත් ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වනවිටත් තමන්ට දැනගන්නට නොලැබී ඇති බවත් ඇය නිවාස තුනක සේවය සඳහා යොදවා ඇති බවත් පැවසීය. තම බිරිඳ නැවත ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.
 
සංජීව මලවිආරච්චි
උපුටා ගැනීම - ශ‍්‍රි ලංකා නිවුස් වෙබ්
 
- මෙලනි





2017-01-17
Advertisement

Find us on Facebook