English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සඳුන් මාලිංග ඝාතන නඩුවේ ඇතුල්පැත්ත - 13 වෙනිදා කොළඹ දී !
බදුල්ල කන්දකැටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි සඳුන් මාලිංග තරුණයා, 2014 මැයි මස 09 වෙනිදා ශාපරාධි ලෙස ජීවිතක්‍ෂයට පත්වීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදි එවකට කන්දකැටිය පොලීසියේ රාජකාරි කළ නිළධාරීන් 06 දෙනෙකුට පසුගිය 09 වෙනිදා මරණ දණ්ඩනය නියම කෙරෙණි.


සඳුන් මාලිංග

මෙම ඝාතන නඩුව සඳහා සාධාරණය , යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සක‍්‍රිය දායකත්වයක් ලබාදුන් අතර එම නඩුවේ අවසානය දක්වා පැමිණි ගමන් මඟ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් හෙට (ජනවාරි 13දි) කොළඹදී පැවැත්වෙන බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

මෙම මධ්‍ය හමුව සඳහා ජිවිතක්‍ෂයට පත් සඳුන් මාලිංග තරුණයාගේ දෙමාපියන් ද නඩුව වෙනුවෙන් පෙනී සිටී නීතිඥයින් ද සිවිිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ද සහභාගි වන බව  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය දන්වා සිටියි.

ස්ථානය   -  ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශාලාවේදි
වේලාව   -  උදේ 10.00
දිනය     -  ජනවාරි 13 වෙනිදා  ලෙසට දන්වා සිටියි.

-    මෙලනි



2017-01-12
Advertisement

Find us on Facebook