English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඇමති රාජිත කියන්නේ ඔවුන් නිකම්ම නිකං ගොබ්බයෝ ද ?
අදාළ විෂය පිළිබඳව පුළුල් දැක්මක් ගැඹුරු දර්ශනයක් ඇති, කළ යුත්ත මෙය යැයි පෙන්වා දිය හැකි යැයි පිළිගැනීමක් ඇති, සිවිල් සමාජයෙන් තෝරාගත් සාමාජිකයින් 11 දෙනෙකු විසින් සිදුකළ අත්‍යවශ්‍ය සමාජ කර්තව්‍යයක් එහි නිර්දේශ ඉදිරිපත් කළ විට එම සාමාජිකයින් කවුරුන්ද යන වග පසුගිය දා ඇමති රාජිත විසින් අවතක්සේරුවට ලක් කළේය.   


 
දශක තුනක යුධ පසුබිමේ පිිහිටි ශ‍්‍රි ලංකාවේ යළි පණගැන්විය යුතුව ඇති "සැබෑ සංහිදියාව හා සංක‍්‍රාන්ති යුක්තිය උදෙසා" වු, වසරක පමණ දිගු ක‍්‍රියාකාරිත්වයකින් පසුව,  සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාවේ විධායක සාරංශය හා නිර්දේශ ඇතුලත් පිටු 131 කින් යුත් වාර්තාව ජනවාරි මස 03 වෙනිදා සවස 07 ට කොළඹ දී එළිදක්වනු ලැබිණි. එකී විශේෂිත කමිටුවේ අතීශය වැදගත්වු එම අවස්ථාවට ආණ්ඩුවේ ප‍්‍රධාන පුද්ගලයින් දෙදෙනාම සහභාගි නොවුහ.  එහෙත්, කාර්ය සාධක බලකායේ සභාපතිනි අධිනිතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම විසින් අදාළ වාර්තාව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිිකා බණ්ඩාරනායක කුමාරතුංග වෙත භාර දෙනු ලැබුවේය. මෙම අත්‍යවශ්‍ය වැදගත් අවස්ථාවට රටේ ප‍්‍රධාන පුරවැසියන් දෙපළගේ නොපැමිණීම, සිිවිල් සමාජ සංවිධාන අතර මෙන් ම පුරවැසියන් අතරද කථාබහට ලක්විය. මන්ද මෙකී සංහිඳියා යාන්ත‍්‍රණය සඳහා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය ස්ථාපිත කරනු ලැබුවේ ද යහපාලන ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසිනි.

කෙසේවෙතත්, එම විධායක නිර්දේශ වාර්තාවේ අඩංගු යම් වැදගත් ම ඡේදයක් සම්බන්ධයෙන් රජයේ කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් සිදුකළ ප‍්‍රකාශය ඊට වඩා අර්බුදකාරි විය.

එනම් , සංහිදියාව උදෙසා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය ඉදිරිපත්කර ඇති නිර්දේශයකට අනුව, යුධ අපරාධ චෝදනා ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝණ පරීක්‍ෂා කිරීමේ අධිකරණ ක‍්‍රියාදාමයට එක් විදේශිය විනිසුරු වරයෙකුවත් ඇතුලත් විය යුතු යැයි කර තිබු නිර්දේශය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිවරයා දැක්වූ ප‍්‍රතිචාරයයි.

ඔහුගේ ප‍්‍රතිචාරය වුයේ රජයේ ස්ථීර ප‍්‍රතිපත්තියට අනුව, එකී අධිකරණ ක‍්‍රියාදාමය සඳහා එකදු විදේශීය විනිසුරුවරයෙකුවත් සහභාගි නොවන බවයිි. ඇමතිවරයා එම ප‍්‍රකාශය තවදුරටත් විග‍්‍රහා කිරීමේදි සංහිදියාව උදෙසා වන ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් බුද්ධිමතුන් නොවන බවක් පැවසීය. එබැවින් ඔවුන් ගෙනෙන සියලූම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව බැඳි නැති බවක් පිළිඹිබු වුණි.

ඔහු එම මතය සාධාරණීකරනය කරන්නේ එක් එක් සංවිධානවලට හෝ ආයාතනවලට අවශ්‍ය කරන ආකාරයට  ඕනෑම යෝජනාවක් නිර්දේශයක් ඉදිරිපත් කළ හැකි වුව ද, එහි අවසාන තීන්දුව නැතහොත් එකී යෝජනා නිර්දේශ ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල තීරණයන් වලට අනුව බවයි.

එසේනම්, කැබිනට් අමාත්‍ය රාජිත සේනාරත්නට අනුව, විශේෂිත කමිටුවක් හරහා ගනුලබන නිර්දේශය පිළිගැනීමට/ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු නොකරන්නේ නම්,  විශාල මුදලක් වැයකරමින් ,කාලය කා දමමින් ප‍්‍රචාරයන් ලබාදී විශේෂිත කමිටුවක් පත්කරනු ලැබුවේ  කුමකට ද? රට වටා සිටින අසාධාරණයට සහ පීඩාවට ලක්වු අහිංසක වින්දිතයින් ඉදිරියේ ව්‍යාජ මවාපෑම් කරනු ලබන්නේ කුමට ද ? මන්ද මෙකී කමිටුව විසින් අවසන් වරට ඉදිරිපත් කරන්නේ රටවටා සිටී වින්දිතයින් විසින් ඉදිරිපත්කළ යෝජනාවල සැබෑ සාරයයි. එනම් වින්දිත සිත නිවා ගන්නට, සනසා ගන්නට ,කළයුතුව ඉතිරිව ඇති අවසන් විසඳුම් මේවා ය යන්න පවත්නා ආණ්ඩුවට භාරදීමයි.



එහෙත්, කමිටුවකට පත්වු පමණින් ඔවුන් "බුද්ධිමතුන් නොවේය" යන්න කැබිනට් අමාත්‍යවරයාගේ අදහසයි. පිළිගැනීමයි. පසුගිය සතියේ දී රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි පැවති මාධ්‍ය සාකච්ඡවේදි රාජිත සේ්නාරත්න විසින් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළේ -  "එහෙම පත්කළැයි කියලා ඒ ගොල්ල එහෙම අමුතු විඥානයක් තියෙන, මහා ලොකු ශ්‍රේෂ්ඨ, ලෝකේ පහළවුණු මහා බුද්ධිමතුන් නෙවෙයිනේ. ඔය අපේ කට්ටියනෙ පත්කරල තියෙන්නෙ."

එසේනම්, අගමැතිවරයා පත්කළ සංහිඳියාව උදෙසා ප‍්‍රවිචාරණ කාර්යසාධක බලකායේ සභාපතිනි අධිනිතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම සහ ලේකම් ආචාර්ය පාක්කියසෝති සරවනමුත්තු ඇතුළු මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු, මහාචාර්ය ගමිලා සමරසිංහ, මහාචාර්ය දයා සෝමසුන්දරම්, ආචාර්ය ෆර්සානා හනීෆා , ශාන්තා අභිමානසිංහම්, මිරාක් රහීම්, විසාකා ධර්මදාස සහ කේ.ඩබ්ලිව්. ජනරන්ජන යන සියලූම දෙනා බුද්ධිමතුන් නොව, ඔහේ ඇහිඳගනු ලැබු නිකම්ම නිකං ගොබ්බයින් ටිකකි. ඇමතිවරයාගේ එම ප‍්‍රකාශය මොවුන් වෙත පුදනු ලැබු අපහාසයකි. කිසිසේත් අනුමතකළ නොහැක.

බොහෝ අවස්ථාවල  ඕනෑ තරම් හද්ද ගොන් තීන්දු තීරණ ගනු ලබන වර්තමාන ශ‍්‍රි ලංකා ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පමණක් මේ ලෝකේ පහළ වුණු මහා බුද්ධිමතුන් ද ?

සටහන  -   මෙලනි මානෙල් පෙරේරා
පිංතුර -  අන්තර්ජාලයෙන්




2017-01-10
Advertisement

Find us on Facebook