English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සඳුන් මාලිංග ඝාතනයට යුක්තිය ඉටුවෙයි!

ඝාතක පොලිස් නිළධාරීන් 06 දෙනා

අසාධාරණ මරාදැමීමක, නිතිපති නිහඬ පිළිවෙතකදි යුක්තිය වෙනුවෙන් ක‍්‍රියාත්මක වු  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මැදිහත්කම ඝාතකයින්ට යුක්තියත් , ඝාතනයට යුක්තියත් ලබාදෙන්නට සමත්විය.

2014 මැයි මස 07 වෙනිදා කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව කන්දකැටිය පොලීසියේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසා පැමිණවීම හේතුවෙන් මැයි මස 09 වෙනිදා පොලිස් කුඩුව තුළදීම සිය සොහොයුරාගේ දැත මත අවසන් හුස්ම හෙළු කන්දෙකැටිය සඳුන් මාලිංග තරුණයාගේ ඝාතකයින් හට අද (ජනවාරි 09 දා) නීතියේ යුක්තිය ඉටු විය.

නඩුවාර ගණනාවකින් පසුව බදුල්ල මහාධිකරණය විසින් සඳුන් මාලිංග කෲර වධහිංසා පමුණුවා මරා දැමු කන්දකැටියේ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිළධාරීන් 06 දෙනෙකුට මෙසේ මරණ දඬුවම නියම කළේය.

එවකට කන්දකැටිය පොලීසියෙහි සේවය කළ උප පොලිස් පරීක්‍ෂක P. සෝමරත්න ඇතුළු පොලිස් කොස්තාපල් ධර්මපාලිත පද්මකුමාර ගමගේ , පොලිස් කොස්තාපල් M. පුෂ්පකුමාර, පො කො D.M. අබේරත්න , පොලිස් ආරක්‍ෂක සහයක D.M. විජේරත්න සහ සිවිල් ආරක්‍ෂක නිළධාරී S.M. ජයසුන්දර යන වැරදිකරුවන් සයදෙනා හට මරණ දඬුවම හිමි විය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් නඩු අංක   01/2015 යටතේ මහාධිකරණයේ අධි චෝදනා ගොණුකර නඩුපවරා තිබුණි.


සඳුන් මාලිංග

පොලිස් අත්අඩංගුවේ සිටිය දී මෙසේ ජීවිතක්‍ෂයට පත්වු සඳුන් මාලිංග ඝාතනය සම්බන්ධයෙන් වසරක් යනතෙක් අදාළ පොලිස් නිළධාරීන්ට එරෙහිව කිසිඳු පියවරක් ගෙන නොතිබීම හේතුවෙන් නීතිපතිවරයාගේ නිහඬතාවය අභියෝගයට ලක්කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් රිට් මැන්ඩාමුස් ආඥාවක් ඉල්ලා පවරන ලද පෙත්සමේ (15.09.2015) ප‍්‍රතිඵලයක් ලෙසට මෙම සිදුවීමට යුක්ති සාධාරණත්වයක් ඉටුවුයේ යැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂක පිලිප් දිසානායක අයිතියට පැවසීය.

සැබැඳි පුවතක් -


සටහන  -   මෙලනි
පිංතුර   - අන්තර්ජාලයෙන් 



2017-01-09
Advertisement

Find us on Facebook