English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වනාතමුල්ලෙන් කොයිඹට ද ?


සැබැ සංවර්ධනය රටකට අත්‍යවශ්‍ය දෙයකි. ඒ, රට සංවර්ධනය යැයි කියන්නේ රටේ මිනිසුන් ද සැපවත්ව, නීරෝගීමත්ව සෞභාග්‍යවත්ව ජීවත්වන නිසාය. නගර සංවර්ධනය ද එහි එක් කොටසකි. නගර අලංකරණය ද නගර සංවර්ධනයේ ම තවත් කොටසකි. එසේනම් එසේ සංවර්ධනය වන සහ අලංකරණයට නතු වන සෑම නගරයකම ජීවත්වන වැසියෝ සැපවත්ව සෞභාග්‍යවත්ව යෙහෙං ජීවත්විය යුතුමය. ඔවුන්ගේ සිත්වලට සමාජීය දුක, සමාජීය කළකිරීම, සමාජීය වේදනාව සහ සමාජීය ඝට්ටන වලට ඇතුලූ වීමට ඉඩක් නොතිබිය මනාය. මන්ද සිදුවන සංවර්ධනය හා අලංකරණය තුළ ඔවුන්ගේ ජීවිත සාර්ථක වන නිසාය. අඩුපාඩු මගහැරි ජීවිත සම්පූර්ණවන නිසාය. අටුවෙන් ලිපට වැටෙනවා නොව අටුවේ සිට පුටුව කරා ගමන්කළ හැකි නිසාය.

එහෙත්, යම් හෙයකින් එහි අනෙක් පැත්ත සිදුවුවහොත් ! එනම් සංවර්ධනයෙන් හා නගර අලංකරණයෙන් රට වැසියෝ ද නගර වැසියෝද අටුවෙන් ලිපිට වැටුනොත් ? එය සැබෑ සංවර්ධනයක අසිරියක් සේ මිණිය හැකිද ? එකී සංවර්ධනයෙන් ද නගර අලංකරණයෙන් ද රටවැසියෝ ද නගර වැසියෝ ද පීඩාවට පත්වේ නම් පීඩිතයින් බවට පත්වේ නම්, එය සංවර්ධනයේ යහපත් හා ධනාත්මක ප‍්‍රථිඵලයක් ලෙසට ප‍්‍රතී ප‍්‍රමෝ්ද විය හැක්කේ ද

මෙසේ සංවර්ධනයේ ද නගර අලංකරණයේද අලූත් ඉලක්කය වී ඇත්තේ වනාතමුල්ල 34 වත්තයි. එහි ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් නීතිඥ සුනිල් වටගල පවසන්නේ ;

"මේ වනාතමුල්ලේ 34 වත්තේ ජනතාව අවුරුදු 50ක් 60ක් තිස්සේ ඔප්පු සහිතව ජීවත් වෙච්ච මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුන්ට එකපාරට බලකිරීමක් කරනවා හමුදාවේ මහත්වරු ඇවිත්, විශේෂයෙන්ම නාගරීක සංවර්ධන අධිකාරියේ දැන් සේවය කරන හමුදාවේ මහත්වරු ඇවිල්ලා, බලපෑමක් කරමින් සිටිනවා මේ වතුවලින් ඉවත් වෙන්න කියලා. අපි පැහැදිළිවම කිව්වා, මානව හිමිකම් කොමිසන් සභාවේ තීන්දුවක් තියෙනවා මැතිවරණයට ප‍්‍රථම, ඔවුන් ඇවිල්ලා එකඟ වුනා, 34 වත්ත අත්පත්කර ගන්නේ නැහැ කියලා. හැබැයි මැතිවරණය ඉවරවුණා විතරයි දැන් ඔවුන් දිගින් දිගටම මේ එහි පදිංචිකරුවන්ට තර්ජනය කරමින් සිටිනවා. විවිධ හිරිහැර බාධක කරමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි ලිපි මගින් දැනුම්දී තිබෙනවා අවසාන නිවේදනයක් සේ සටහන් කරලා ඒ වත්තෙන් ඉවත් වෙන්න කියලා. ඒ අනුව අපි අද දවසේ මානව හිමිකම් කොමිසන් සභාවේ නිර්දේශ කඩකිරීම සම්බන්ධයෙන් ඒවගේම ඔවුන් අවසාන නිවේදනයයි ලෙසට එවන ලද ලිපිය අභියෝගයට ලක්කරලා අද අභියාචනාධිකරණයේ නඩුවක් ගොණු කළා." යනුවෙනි.

සංවර්ධනයේ නවතම ඉලක්කය වන මෙම 34 වත්තේ නිවැසියන් පවසන්නේ ඔවුන් වසර ගණනාවක් ජීවත් වෙච්ච ගේ දොර කඩාබිඳ දැමා ඉවත් කිරිමෙන් අනතුරුව ඔවුනට ලැබෙනුයේ කුලී නිවාස බවයි. ඒ නිවාසවල ඉඩ පහසුකම් ද අවම බවයි.

රුපියල් 3960 බැගින් වසර 20ක් ගෙවීමට හැකි කුලි ක‍්‍රමයක් ද, රුපියල් 2650 බැගින් වසර 30ක් ගෙවීමට හැකි කුලි ක‍්‍රමයක් ද පවතින අතර නිවැසියන්ගේ ආදායම් තත්ත්වයේ ආකාරයට ඔවුනට ලැබෙන විකල්ප නිවාසයට ගෙවිය යුතුය. එය අනිවාර්යය ගෙවීමකි. එහෙත් එවැනිවු කුලී ක‍්‍රමයකට යටත්වන්නට අසීරු බව නිවැසියන් පවසනවා.

"නිවාස නොකඩන්න" යන මානව හිමිකම් කොමිසමේ නියෝග ද උල්ලංඝනය කරමින් නාගරීක සංවර්ධන අධිකාරිය විසින් කොළඹ වනාතමුල්ල ප‍්‍රදේශයේ 34 වත්තේ දැනට තිබෙන කුමන තරාතිරමක හෝ නිවාස කඩා ඉවත්කිරීමට සුදානම් වන්නේ ජනතාවට යහපතක් කරන්න? නැතහොත් තවත් ප‍්‍රශ්නයක් කරපින්නාගෙන උද්ඝෝෂණවල මාරාන්තික උපවාසවල යෙදෙන්නට නිවැසියන් තල්ලූ  කිරිමක් ද ?

ඡයාරූප අන්තර්ජාලයෙනි 


-MMP



2014-08-20
Advertisement

Find us on Facebook