English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුව පෙරළීමේ මහින්ද සිහිනයට රනිල් , රාජිත, නිමල් පිළිතුරු දෙයි !

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිව තිබුණ ද වර්තමාන දේශපාලන තත්ත්වය සළකා බැලීමේදි ඉදිරි කාලය තුළදි සියල්ල වෙනස්විය හැකි බවත් 2017 වසර තුළ දී වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දෙසැම්බර් 29 වෙනිදා විදේශ වාර්තාකරුවන් සමග කොළඹ දී පැවති සාකච්ඡුාවකදි ප‍්‍රකාශකර තිබුණි.

රාජ්‍ය නායකයා නොවී තමන්ට මැනවින් රට පාලනය කළ හැකි බව මහින්ද රාජපක්‍ෂ ප‍්‍රකාශ කර තිබුණි.

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න සහ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හිටපු ජනාධිපති රාජපක්‍ෂගේ ප‍්‍රකාශයට මෙසේ ප‍්‍රතිචාර දැක්වීය.

"මම සතියක කාලයකට ස්විස්ටර්ලන්තයට යනවා. ඒ කාලය තුළ මම මහින්දට අවස්ථාවක් දෙනවා ආණ්ඩුව පෙරළන්න." යැයි ප‍්‍රකාශකර ඇති අගමැති රනිල් වික‍්‍රමසිංහ, යහපාලන ආණ්ඩුව පෙරළිමට කිසිසේත්ම මහින්ද රාජපක්‍ෂට නොහැකි බව අවධාරණය කරමින් "අවසානයේදි ආණ්ඩුවත් මේ විධියටම තියේවි, එයත් මහින්ද රාජපක්‍ෂ වගේම ඉඳීවි." යනුවෙන් ප‍්‍රකාශකර ඇත.

යහපාලන ආණ්ඩුව තවත් වසරක් බලයේ සිටියහොත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු පවුලේ උදවියට සිරගතවීමට නියමිත බව හොදින් දන්නා රාජපක්‍ෂ, යහපාලන ආණ්ඩුවේ සියලූ වැඩකටයුතු සහ ව්‍යාපෘති විවේචනය කරමින් සිටින බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (04 වෙනිදා) පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදි පැවසීය. 



උදාවන 2107 වසරේදි යහපාලන ආණ්ඩුව ගෙදර යවන බවට හිටපු ජනාධිපති කර ඇති ප‍්‍රකාශ පිළිබඳව හා හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් බදු දීමට වර්තමාන ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව අදහස් දක්වමින්, එම ඉඩම් ප‍්‍රමාණය බදු දීමට තීරණය කරනු ලැබුවේ පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුව සමයේ දි බව පැවසු අමාත්‍ය රාජිත සේනාරත්න, යහපාලන ආණ්ඩුව තුළ සිදුවෙමින් පවතින සියලූම දේ පිළිබඳව හා මෙකි ආණ්ඩුව තවත් වසරක් පැවතිය හොත් තමන්ගේ් පවුලේ උදවිය හිරේ විලංගුවේ වැටෙන හැටි  මිනීමැරුම් වලට එල්ලූම් ගසට තීන්දු වන හැටි මහින්ද රාජපක්‍ෂට ඉතා මැනවින් තෙරේන බැවින් රට කෑමෙන් හෝ තමන්ව බේරාගන්නට උත්සාහයක නිරත වෙමින් පසුවන බව කැබිනට් තීරණ දැනුම්දිමේ එම මාධ්‍ය හමුවේදි ප‍්‍රකාශ කළේය.  

යහපාලන ආණ්ඩුව තුළ පවතින ඇතැම් ප‍්‍රතිවිරෝධතා හේතුවෙන් ඉදිරියේදි ආණ්ඩුව කඩා වැටෙයි යන මතය සමාජය තුළ වපුරවන්නට කිසිවෙක් උත්සාහා කළද ආණ්ඩුව තුළ විවිධ ආකාරයේ සෙලවීම් තිබුණි ද කවුරුත් අපේක්‍ෂාකරන අන්දමට ආණ්ඩුව කඩානොවැටෙන බව ද ප‍්‍රකාශ කළේය.

මේ අතර අද (05) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජපක්‍ෂ ආණ්ඩු පෙරළිමේ සිහිනය ගැන අදහස් දැක්වු ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රකාශ කළේ , ව්‍යවස්ථාව අනුව යහපාලන ආණ්ඩුව පෙරළීමට කිසිම ඉඩක් නැති බවත් අද ආණ්ඩුව පෙරළනවා කියා ප‍්‍රකාශකරන අයගෙන් තව මාස හයකින් පමණ "කෝ ආණ්ඩුව පෙරළුවා ද?" කියා ප‍්‍රශ්න කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත්ය.
 
"ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදි පක්‍ෂයක්. ජාතික ආණ්ඩුව හා සම්බන්ධ අයට අස්වෙන්නට අවශ්‍ය නම් ඒ අයව දම්වැල් දාලා තියාගන්නෙ නැහැ.  ඕනැම වෙලාවක ඉවත් වෙන්න පුළුවන්. නමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණු ඉටුවන්නේ නැති බවත් කියන්න  ඕනේ." යැයි ප‍්‍රකාශ කළේය.

සටහන  -  මෙලනි
පිංතූර  -  අන්තර්ජාලයෙන්



2017-01-05
Advertisement

Find us on Facebook