English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කම් වලට එරෙහි වෙමු - කාන්තා එකතුව




කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කොට සැලකීම් හා අසාධාරණයන් පිටුදැකීම සඳහා වන සීඩෝ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට සකසන ලද සමාන්තර වාර්තාව අදාළ ක්‍ෂේත‍්‍ර සමග සංවාදයට යොමුකර අවසන් වාර්තාව සැකසීම,  පසුගිය දෙසැම්බර් මස අවසානයේදි කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේදි පැවැත්විණි. මෙහිදි, අදාළ ක්‍ෂේත‍්‍ර සමග තවදුරටත් සංශෝධනයට ලක්කල වාර්තාව පරිපුර්ණ වාර්තාවක් සේ සකස්කොට ඉදිරියේ දිනෙක දී අදාළ සීඩෝ කමිටුවට භාරදෙන බව මෙම විශේෂිත කමිටුව අයිතියට ප‍්‍රකාශ කළා.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ (නැෆ්සෝ) කාන්තා අංශය විසින් සම්බන්ධීකරණය කරමින් ඉදිරිපත් කරනු ලැබීමට නියමිත මෙම සීඩෝ කමිටු වාර්තාව පිළිබඳව ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ සම්බන්ධිකාරිකා ලවිනා හසන්ති අයිතියට මෙසේ පැහැදිළි කළේය.


"කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ අසාධාරණයන් පිටුදැකීම සදහා වන සීඩෝ වාර්තාව ජාතික කාන්තා සම්මේලනය, සීඩෝ කි‍්‍රයකාරිත්වය පිළිබ`ද විශේෂ අවධානයකට ලක්කර  ජනතාව දැනුවත් කිරීම විශේෂයෙන් කාන්තාවන් දැනුවත් කිරිම් සිදු කළා. රටක් ලෙස, ශි‍්‍ර ලංකා රජය සිීඩෝ ප‍්‍රඥප්තිය කි‍්‍රයාවට නැංවීම අනිවාර්යය කාරණයක්. නමුත් සීිඩෝ ප‍්‍රඥප්තිය විධිමත්ව භාවිතාවේ යෙදවීමක් මෙතෙක් දක්නට නැහැ. ඒ නිසා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය ක්‍ෂේත‍්‍රයේ කි‍්‍රයාකාරි සිවිල් සංවිධාන සම`ග ඒකාබද්ධව , සවිස්ත‍්‍රි කාන්තා සංවිධානය / ඩා බ්දු සංවිධානය / ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය / CSDF සංවිධානය /  ජනතා සෞඛ්‍ය සංසදය / ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය / රතු කොඩි සංවිධානය යන සංවිධාන සමග එක්ව විවිධ කේෂ්ත‍්‍රයන් නියෝජනය කරන වැඩකරන කාන්තාවන්ගේ තත්ත්වයන් පිළිබ`ද වාර්ථාවක් සීඩෝ කමිටුවට ඉදිරිපත් කිරිමට පියවර ගත්තා.”