English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සඳුන් මාලිංග වධ හිංසා ඝාතන නඩු තීන්දුව තවත් කල් යයි

2016 නොවැම්බර් මස 29 වනදා ලබාදීමට නියමිතව තිබුණු බදුල්ල ක්දෙකැටියේ සඳුන් මාලිංග තරුණයාගේ වධ හිංසා ඝාතන නඩුවේ තින්දුව, මේ මස 09 වෙනිදා තෙක් (2017 ජනවාරි 09) කල්දමා ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.

කන්දෙකැටිය පොලීසියේ කෲර වධ හිංසා පැමිණවීමේ වීර ක‍්‍රියාව හේතුවෙන් සිය සහෝදරයාගේ දැත මත මිය යන්නට සැලැස්වු බදුල්ල කන්දෙකැටියේ සඳුන් මාලිංග තරුණයාගේ වධ හිංසා ඝාතනය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් බදුල්ල මහාධිකරණයේ නඩු අංක HC-01/2015 අධිචෝදනා ගොණුකරනු ලැබු බවත් එහි තීන්දුව නොවැම්බර් මස 29 වෙනිදා ලබාදීමට නියමිතව තිබුණද , එදින පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටින රජයේ නිතිඥවරයා නොපැමිණීම හේතුවෙන් නැවතත් මේ මස 09 වෙනිදාට නඩුව කැඳවන ලෙසට මහාධිකරණය නියෝගකොට ඇති බවත් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය.

ලංකාවේ පොලීසිය නම්වු මහජන ආයාතනයේ ඇතැම් පොලිස් ස්ථානවල ඇතැම් පොලිස් නිළධාරීන්ට මනුස්ස වධ හිංසා පැමිණවිම් , බොරු චෝදනා ඉදිරිපත්කර අත්අඩංගුවට ගැනීම්, කප්පම් ගැනීම් නොකරාම බැරිය. බදුල්ලේ, කන්දෙකැටිය පොලීසිය විසින් ද එසේ සිදුකරනු ලැබු අයුක්ති සහගත අත්අඩංගුවකට ගැනීම සහ එසේ පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිදුකරනු ලැබු දරුණු වධහිංසා හේතුකොට ගෙන පොලීසියේ දීම ජීවිතක්‍ෂයට පැමිණි තවත් එක් පුද්ගලයෙකි, මෙකි සඳුන් මාලිංග නම් වු එවකට 17 හැවිරිදි තරුණයා.


සඳුන් මාලිංග

විකිණිමට තිබු ත‍්‍රි රෝද රථයක් බැලීම සඳහා සිය සහෝදරයා වු කසුන් මාධව සමග යමින් සිටියදි දස දෙනෙකුගෙන් යුත් පොලිස් නිළධාරීන් පිරිසක් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර සහකාර පොලිස් පරීක්‍ෂක ආර් එම් පී සෝමරත්න ද සිට ඇත. ඒ 2014 වසරේ මැයි මස 07 වෙනිදා ය. පාරේ සිටිය දීම තදබල ලෙස පහර දී ඇති අතර පසුව පොලිස් ස්ථානයට ගෙන ගිය පසුව ද ඉතා කෲර ලෙස මොවුන් දෙදෙනාට පහර දී තිබුණි.
 
පොලිස් පහරදීම්වල බරපතල කම කෙසේද යත් ඉතා දරුණු වේදනාවකින් පෙළෙන බැවින් තමන්ව වහා රෝහල්ගත කරන මෙන් සදුන් මාලිංග විසින් ඉල්ලා සිටියදි පොලීසිය කර ඇත්තේ ඔහුට තවත් පහර දී කූඩුවට දැමීමයි. ඊට පසුදින දහවල් 2 30 ට පමණ මාලිංගගේ දෙමාපියන් ඔවුන් බැලීමට පොලීසිය වෙත පැමිණි විට මාලිංග අධික වේදනාවෙන් මොරදී හඬනවා ඇසී ඇත. මාලිංගගේ මව වහා පොලීසියේ සිටි නිළධාරියෙකුට නොවදිනා වැදුම් වැද සිය දරුවාව ඉක්මනින් රෝහල් ගතකරන මෙන් ඉල්ලා සිටිය ද එම අවස්ථාවේදි පොලීසිය තුළ කිසිඳු වගකිව යුතු නිළධාරියෙකු නොමැති බැවින් පසුදා යළි පැමිණෙන ලෙසට එකී පොලිස් නිළධරියා මාලිංගගේ මවට දන්වා ඇත.

2014 මැයි මාසේ 09 වෙනිදා පොලිස් කුඩුව තුළදීම පොලිසියෙන් කළ දරුණු වධහිංසා නිසා හටගත් අභ්‍යන්තර රුධිරය ගැලීම නිසා  කසුන් මාධවගේ දැත මත සිය සොයුරා එනම් සදුන් මාලිංග ජීවිතයෙන් සමුගත්තේය. පසුව කසුන් මාධව දරුණු මානසීක කම්පනයකට මුහුණු දුන්නේය. මෙය සාපරාධි අපරාධයකි. මෙකී මිනිමරුවන් වෙත ලැබිය යුතු තීන්දුව තීරණය ???

 ජනවාරි මස 09 වෙනිදා ගරු අධිකරණය විසින් තින්දු කරනු ඇත.

  - මෙලනි




2017-01-03
Advertisement

Find us on Facebook