English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සංවර්ධනය සඳහා වු මුදල් මොහු ද කොල්ලකා ඇත

හිටපු ඇමතිවරයෙකු ආණ්ඩුවේ මුදල් ගසාකා ඇත. ගසාකෑමේ තරම කෙසේද යත් තෙවෙනි නිවේදනය ලැබෙන තෙක් ම පොලීසියෙන් කට්ටි පනිමින් ඔහු පිටමංව අතුරුදහන්ව සිටියේය. තෙවන නිවේදනය ලැබු පසු, අද (ජනවාරි 02) පොලිස් මුලස්ථානය කරා පැමිණි අවස්ථාවේදි රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සරත් කුමාර ගුණරත්න නම්වු මොහු හිටපු දේශපාලකයෙකි. හිටපු ධීවර නියෝජ්‍ය ඇමතිවරයාය. එමෙන් ම කතෝලිකයෙකි. ඒ නිසා අති උතුම්වු ජේසුස්වහන්සේගේ උපන් මංගල්‍යය වු නත්තල ඔහු සැමරිය යුතුව තිබිණි. එතෙක් ඔහු ඔහුට ලද නියෝග කිසිවක් ශත භාගයකටවත් ගණන් නොගනිමින් කට්ටි පණිමින් කල්මැරුවේය. ගෙවුණු නත්තල් උත්සවය ද රිසි සේ පදම් වෙමින් භුක්තිවිඳ අවසානයේදි තෙවන දැන්වීම ලැබු සැණින් නීතිය ඉදිරියට පැමිණියේය.
 
මහජනතාව වෙනුවෙන් සිදුකළ යුතුව ඇති සංවර්ධන ව්‍යාපෘතියක් එනම් මීගමුව කලපුව සංවර්ධනය කිරීමට රජය විසින් ලබාදී තිබු රුපියල් මිලියන 11.2  ආණ්ඩුවේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මෙලෙස අත්අඩංගුවට පත්විය.

මොහුට ඇත්තේ චෝදනා එකක් දෙකක් නොව මිනි මැරුම් චෝදනාවක් ද ඇතුළු චෝදනා කිහිපයක් ම පවතින බව මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කරයි.

-    මෙලනි  




2017-01-02
Advertisement

Find us on Facebook