English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සංහිදියා යාන්ත‍්‍රණයේ අවසන් වාර්තාව හෙට ජනාධිපති , අගමැති වෙත


දිගුකාලින සිවිල් යුද්දයකින් පසුව මෙරට තුළ සංහිඳියාව ඇතිකරලීම කෙසේ විය යුතු ද යන්න පිළිබඳව මහජන අදහස් ආශ‍්‍රයෙන් සකස්කළ අවසන් වාර්තාව හෙට (ජනවාරි 03) ජනාධිපති , අගමැති දෙපල වෙත භාර දීමට නියමිත බව සංහිදියා යාන්ත‍්‍රණය උදෙසා ප‍්‍රවිචාරණ කාර්යය සාධක බලකායේ සභාපතිනි අධිනිතීඥ මනෝරි මුත්තෙට්ටුවේගම පැවසීය.

හෙට පස්වරු 7.30 ට මෙකී අවසන් වාර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙත පිළිගැන්වීමෙන් අනතුරුව,  www.scrm.gov.lk යන කාර්යය සාධක බලකායේ නිල වෙබ් අඩවිය තුළින් ප‍්‍රකාශයට පත්කරවන බව ද සභාපතිනිය ප‍්‍රකාශ කළේය.

අදාළ වාර්තාව සඳහා පසුගිය මාස කිහිපයක් තුළදී මහජන අදහස් ලබාගැනීම සිදුකළ බවත් එහිදි ලද අදහස් යෝජනාවල මූලික කරුණු ඇතුලත්කරමින් මෙම අවසන් වාර්තාව සකස්කර ඇති බව ද ඇය ප‍්‍රකාශ කළේය.

සංහිදියා යාන්ත‍්‍රණය උතුරු නැගෙනහිර පළාත්වලදි කෙසේ ක‍්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව විශේෂ සැළකිල්ලක් යොමුකර ඇතිබවද පැවසේ.



අගමැති රනිල් වික‍්‍රමසිංහගේ උපදෙස් මත සංහිඳියා යාන්ත‍්‍රණය උදෙසා ප‍්‍රවිචාරණ කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබු අතර, එහි සභාපතිත්වය අධිනිතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම ද ලේකම් ධූරය ආචාර්ය පාකියසෝති සරවනමුත්තු ද දරණු ලබති. සෙසු සාමාජිකයින් අතර ගාමිණි වියන්ගොඩ , විසාකා ධර්මදාස , මහාචාර්ය චිත‍්‍රලේඛා මෞනගුරු , මහාචාර්ය දයා සෝමසුන්දරම් , ආචාර්ය ෆර්සානා හනිෆා, මහාචාර්ය ශර්මිලා සමරසිංහ, මිරාක් රහිම් , කේ. ඩබ්. ජනරංජන වෙති.

සටහන හා ඡායාරූප  -  මෙලනි



2017-01-02
Advertisement

Find us on Facebook